Empty Ad
AFC Banner
Empty Ad

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනින් ඇල්ලූ හෙරොයින්

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ප්‍රදේශ ගණනාවකට හෙරොයින් නමැති මත්ද්‍රව්‍ය බෙදාහැරි ජාවාරම්කරුවන් දෙදෙනකු මත්කුඩු සමග අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අඟුරුවාතොට පොලිසිය පැවසුවේ මෙම මෙහෙයුම ඊයේ (13) පස්වරුවේ අඟුරුවාතොට පොලිස් වසමේ රෙමුන – ගාලමුල්ල මාර්ගයේ හදිසි මාර්ග බාධකයකයේ දී සිදු කෙරුණා.

පොලිස් අණ නොතකා ගමන් කිරීමට උත්සාහ කළ යතුරුපැදියක ගමන් කළ දෙදෙනෙකු මහත් පරිශ්‍රමයක් දරා නවතා පරීක්ෂා කිරීමේ දී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 7350 සමග ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන මුදලින් රුපියල් 62,700 ක් සොයා ගත් බවත් වාර්තා වනවා.

යතුරුපැදියේ පසුපස ගමන් කළ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 5100ක් සහ මුදල් සොයාගෙන ඇති අතර අනෙක් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්රැම් 2250ක් වෙන් වෙන් වශයෙන් සොයා ගැනුණා.

සැකකරුවන් වයස අවුරුදු 39-40 වියෙහි පසුවන බැල්ලපිටිය හා අඟුරුවාතොට ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් ජංගම දුරකථන 03ක් පරික්ෂා කිරීමේ දී කලක පටන් හොරණ- අඟුරුවාතොට, බුලත්සිංහල, මොරගහේන, බණ්ඩාරගම, අළුබූමුල්ල ඇතුළු ප්‍රදේශවල හෙරොයින් ජාවාරමේ නිරත පුද්ගලයින් බව අනාවරණය කරගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා අද (14) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර, රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:50:31
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31

?