ක්ලීන් ශ්‍රී ලංකා පාසල් වැඩසටහන ඇරඹේ

රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන” පාසල් පද්ධතිය කරා ගෙන යමින් පාසල් දහසක ක්‍රියාත්මක වැඩසටහනේ පළමු අදියර දිවයිනේ තෝරාගත් පාසල් 200ක ඊයේ (20) ආරම්භ කෙරුණා.

“අපේ ඉස්කෝලේ Clean කරමු – රට හදන පරපුරක – වෙමුද අපි මුල් පුරුක” තේමාව යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන අදාළ පාසල්වල විදුහල්පතිවරු ඇතුළු පාසල් ප්‍රජාවගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරෙනවා.

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විසින් ඒ සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය හා තාක්ෂණික දැනුම ලබාදීම සිදුකරනු ලබනවා.

ඒ, අනුව පාසල්වල කැඩී ගිය ඩෙස් පුටු, උපකරණ, විදුලිය පද්ධති සහ ජල නළ පද්ධතිවල අත්‍යාවශ්‍ය අලුත්වැඩියාවන් සමඟ පාසල පිරිසිදු කෙරෙන අතර පළමු අදියර යටතේ පාසල් 100ක යුද හමුදාවේ දායකත්වයෙන්ද, පාසල් 50ක නාවික හමුදාවේ දායකත්වයෙන් සහ පාසල් 50ක ගුවන් හමුදාවේ දායකත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.

මෙම මාර්තු මාසය අවසන් වන විට පාසල් දහසම ආවරණය කිරීමට නියමිතයි.

මෙම වැඩසටහන සඳහා පාසල් දරුවන්, ගුරුවරුන්, දෙමාපියන් මෙන්ම ආදි සිසුන් ද සහභාගි කරවා ගැනීම විශේෂත්වයක් වන අතර, අඛණ්ඩව පාසල පිරිසිදුව තබාගනිමින් නඩත්තු කටයුතු ඉදිරියට කර ගෙන යාමට ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබාදීම සිදු කෙරෙනවා.

වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් බප/කො මහවත්ත ශාන්ත අන්තෝනි සිංහල විද්‍යාලයේදී ඊයේ (20) වැඩසටහන ආරම්භ කෙරුණු අතර, මීට සමගාමීව දිවයිනේ අනෙකුත් පාසල් 199 තුළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු, විදුහල්පතිවරුන්ගේ සහ ආරක්ෂක අංශ නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15