AFC Banner
AFC Banner
Empty Ad

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් යළිත් රිමාන්ඩ්

ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු සැකකරුවන් 13 දෙනා ඔක්තෝම්බර් මස 11 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය නියෝග කළා.

මෙම සැකකරුවන් අද (27) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළේ.

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීම සඳහා ගොස් සිටිය දී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙක් පසුගිය ජූලි 08 වනදා වෙඩි තබා ඝාතනය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?