ක්ලබ් වසන්ත ඝාතනයට ආ ඝාතකයින් පලා ගිය හැටි එළියට (වීඩියෝ)

Update :- මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරික ‘ක්ලබ් වසන්ත’ නොහොත් සුරේන්ද්‍ර වසන්ත ඇතුළු පිරිසට වෙඩි තැබීමට පැමිණි ඝාතකයින් පැමිණි මෝටර් රථය ගැන මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වෙමින් තිබෙනවා.

අද (08) පස්වරුව වන විට පොලිසිය විසින් ඝාතකයින් පැමිණි සුදු පැහැති මෝටර් රථය ද සොයා ගැනුණා.

ඒ ඔවුන් විසින් අදාළ රථය කඩුවෙල – කොරතොට ප්‍රදේශයේ මහා මාර්ගයේ දමා ගොස් තිබියදියි.

මෙම ඝාතකයින් අපරාධය සිදු කිරීමට මෝටර් රථයකින් පැමිණ පසුව ඉන් ඝාතනය සිදු කර පලා ගොස් කඩුවෙල – කොරතොට ප්‍රදේශයේ දී වෑන් රථයකට මාරු වී පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම පලා යන දර්ශන ඇතුළත් සී.සී.ටී.වී පට මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අද පෙරවරු 09ට පමණ මෙම ඝාතනය සිදු වූයේ දුලාන් සංජුල නමැති ටැටූ ශිල්පියෙකුට අයත් අතුරුගිරිය ප්‍රදේශයේ නව ටැටූ සාප්පුවක් විවෘත කිරීමට ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් සුරේන්ද්‍ර වසන්ත සහ ඔහුගේ බිරිඳ එක් ව සිටියදියි.

එහිදී නන්නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු පැමිණ එල්ල කළ වෙඩි පහරින් සුරේන්ද්‍ර වසන්ත එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත් වූ අතර බරපතළ තුවාල ලැබූ තවත් අයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගියා.

එම වෙඩි පහරින් සුරේන්ද්‍ර වසන්තගේ බිරිඳට මෙන් ම මෙරට ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවාට ද බරපතළ තුවාල සිදු වූ අතර ඔවුන් දෙදෙනා ද තවත් දෙදෙනකු ද කොළඹ ජාතික රෝහලේ සහ හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලබනවා.

මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
5
+1
3
+1
21
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?