ක්ලබ් වසන්ත ඝාතනයට ආ ඝාතකයින් පලා ගිය හැටි එළියට (වීඩියෝ)

Update :- මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරික ‘ක්ලබ් වසන්ත’ නොහොත් සුරේන්ද්‍ර වසන්ත ඇතුළු පිරිසට වෙඩි තැබීමට පැමිණි ඝාතකයින් පැමිණි මෝටර් රථය ගැන මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වෙමින් තිබෙනවා.

අද (08) පස්වරුව වන විට පොලිසිය විසින් ඝාතකයින් පැමිණි සුදු පැහැති මෝටර් රථය ද සොයා ගැනුණා.

ඒ ඔවුන් විසින් අදාළ රථය කඩුවෙල – කොරතොට ප්‍රදේශයේ මහා මාර්ගයේ දමා ගොස් තිබියදියි.

මෙම ඝාතකයින් අපරාධය සිදු කිරීමට මෝටර් රථයකින් පැමිණ පසුව ඉන් ඝාතනය සිදු කර පලා ගොස් කඩුවෙල – කොරතොට ප්‍රදේශයේ දී වෑන් රථයකට මාරු වී පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම පලා යන දර්ශන ඇතුළත් සී.සී.ටී.වී පට මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අද පෙරවරු 09ට පමණ මෙම ඝාතනය සිදු වූයේ දුලාන් සංජුල නමැති ටැටූ ශිල්පියෙකුට අයත් අතුරුගිරිය ප්‍රදේශයේ නව ටැටූ සාප්පුවක් විවෘත කිරීමට ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් සුරේන්ද්‍ර වසන්ත සහ ඔහුගේ බිරිඳ එක් ව සිටියදියි.

එහිදී නන්නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු පැමිණ එල්ල කළ වෙඩි පහරින් සුරේන්ද්‍ර වසන්ත එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත් වූ අතර බරපතළ තුවාල ලැබූ තවත් අයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගියා.

එම වෙඩි පහරින් සුරේන්ද්‍ර වසන්තගේ බිරිඳට මෙන් ම මෙරට ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවාට ද බරපතළ තුවාල සිදු වූ අතර ඔවුන් දෙදෙනා ද තවත් දෙදෙනකු ද කොළඹ ජාතික රෝහලේ සහ හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලබනවා.

මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03