ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත් කෙටුම්පතට කතානායකගේ සහතිකය

ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (07) සිය සහතිකය සටහන් කළා.

අද (07) පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා ක්‍රීඩාවල යේදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වුණු අතර, ඡන්ද විමසීමකින් තොරව එම පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත වුණා.

මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2025.09.12 දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම පනත ශ්‍රී ලංකාවේ උත්තේජක මර්දන නීතිය, අන්තර්ජාතික නීතිය සමඟ යාවත්කාලීන කිරීම සඳහා 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත සංශෝධනය කිරීම සඳහා වන පනතක් ලෙස සැලකේ. ලෝක උත්තේජක මර්දන නියෝජ්‍යායතනය (World Anti – Doping Agency- WADA) විසින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවලට සම්බන්ධ තහනම් උත්තේජක භාවිතය පිළිබඳ නීති සහ රෙගුලාසි වාර්ෂිකව නිරීක්ෂණය කරන අතර, ඒ අනුව නූතන ක්‍රීඩා අවශ්‍යතාවයන්ට අනුකූල වන පරිදි ලෝක උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ නීති සහ රෙගුලාසිවලට අනුව පවතින පනත සංශෝධනය කිරීම මෙම පනත මගින් අපේක්ෂා කරනවා.

ඒ, අනුව ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත, 2025 අංක 21 දරන ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත ලෙස බලාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?