AFC Banner
AFC Banner
Empty Ad

ක්‍රීඩකයින්ට තහනම් උත්තේජක අලෙවි කිරිමේ ජාවාරමක් කොටුවෙයි

ක්‍රීඩකයින්ට තහනම් උත්තේජක අලෙවි කිරීමට සම්බන්ධ දෙදෙනෙකු පානදුර වලාන දූෂණ මර්දන ඒකකය මගින් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ දහවල් එක් පුද්ගලයෙකු වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පානදුර වලාන දූෂණ මර්දන ඒකකය මගිනුයි.

ලැබුණු තොරතුරකට අනුව ඊයේ දහවල් කළ ආවේක්ෂණ රාජකාරියකින් පසු උපාය දූතයෙකු යොදවා වැටලීම සිදු කළ බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී අදාළ උපාය දූතයාට එන්නත් සහ පෙති වශයෙන් උත්තේජක ද්‍රව්‍ය රුපියල් 38000ක මුදලකට අලෙවි කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වලාන දූෂණ මර්දන ඒකකය මගින් සැකකරු වත්තල පොලිස් ස්ථානයට භාරදීමෙන් පසු සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී එම තහනම් උත්තේජක නීති විරෝධීව මෙරටට ආනයනය කළ ආයතනය පිළිබඳ තොරතුරු හෙළි කරගෙන තිබෙනවා.

එම තොරතුරු මත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයේ නිලධාරීන් විසින් බොරැල්ල ප්‍රදේශයේ වැටලීමක් සිදු කර තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිසිය නිවේදනය කළේ මෙම තහනම් උත්තේජක මගින් ලිංගික බෙලීනතාවය පුරස්ථි ග්‍රන්ථි පිළිකා වකුගඩු සහ වෘෂණ කෝෂ වෙනස්වීම් වැනි රෝගවලට ගොදුරුවිය හැකි බවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පෙන්වාදී ඇති බවයි.

ඖෂධ නියාමන අධිකාරිය මගින් අත්අඩංගුවට ගත් ජාඇල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරු අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?