ක්‍රීඩකයින්ට තහනම් උත්තේජක අලෙවි කිරිමේ ජාවාරමක් කොටුවෙයි

ක්‍රීඩකයින්ට තහනම් උත්තේජක අලෙවි කිරීමට සම්බන්ධ දෙදෙනෙකු පානදුර වලාන දූෂණ මර්දන ඒකකය මගින් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ දහවල් එක් පුද්ගලයෙකු වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පානදුර වලාන දූෂණ මර්දන ඒකකය මගිනුයි.

ලැබුණු තොරතුරකට අනුව ඊයේ දහවල් කළ ආවේක්ෂණ රාජකාරියකින් පසු උපාය දූතයෙකු යොදවා වැටලීම සිදු කළ බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී අදාළ උපාය දූතයාට එන්නත් සහ පෙති වශයෙන් උත්තේජක ද්‍රව්‍ය රුපියල් 38000ක මුදලකට අලෙවි කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වලාන දූෂණ මර්දන ඒකකය මගින් සැකකරු වත්තල පොලිස් ස්ථානයට භාරදීමෙන් පසු සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී එම තහනම් උත්තේජක නීති විරෝධීව මෙරටට ආනයනය කළ ආයතනය පිළිබඳ තොරතුරු හෙළි කරගෙන තිබෙනවා.

එම තොරතුරු මත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයේ නිලධාරීන් විසින් බොරැල්ල ප්‍රදේශයේ වැටලීමක් සිදු කර තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිසිය නිවේදනය කළේ මෙම තහනම් උත්තේජක මගින් ලිංගික බෙලීනතාවය පුරස්ථි ග්‍රන්ථි පිළිකා වකුගඩු සහ වෘෂණ කෝෂ වෙනස්වීම් වැනි රෝගවලට ගොදුරුවිය හැකි බවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පෙන්වාදී ඇති බවයි.

ඖෂධ නියාමන අධිකාරිය මගින් අත්අඩංගුවට ගත් ජාඇල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරු අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06