AFC Banner
AFC Banner
Empty Ad

ක්‍රීඩකයන්ගේ ගැටළු විසඳන්න ඔම්බුඩ්ස්මන්වරයෙක්

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ගැටළු විසඳීම සඳහා ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයෙකු පත් කිරීමට නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා යෝජනා කර තිබෙනවා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගැටලු විසඳීම සඳහා ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා දිනපතා ක්‍රීඩා අමාත්‍යාංශයේ රැඳී සිටින බවයි අද පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

“සම්මේලන 60කට වැඩි ප්‍රමාණයක දිගින් දිගටම පවතින ගැටලු නිසා අපේ ක්‍රීඩකයන් මුහුණ දෙන ගැටලු විසඳන්න ඇමැතිතුමාට සහ නිලධාරීන්ට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රශ්න ඇසීමට පමණක් ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයෙකු පත් කරනවා,” යනුවෙන් ඔහු සඳහන් කර තිබෙනවා.

තමා මෙහි පැමිණියේ කිසිදු පුද්ගලයෙකු ආරක්ෂා කිරීමට නොවන බවට සහතික වූ ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ තමන්ට විශාල වැඩකොටසක් සහ අවශ්‍ය යම් යම් වෙනස්කම් කිරීමේ වගකීමක් පැවරී ඇති බවයි.

තමන් තනිකරම ක්‍රිකට් අමාත්‍යවරයකු නොවන බව ප්‍රකාශ කළ ඔහු අනෙකුත් සියලුම ක්‍රීඩාවල දියුණුවට කටයුතු කරන බවට ද සහතික වුණා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇති තහනම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රනාන්දු මහතා, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා ICCය සමඟ සාකච්ඡා කර අවශ්‍ය වෙනස්කම් සිදු කරන බවට ද සහතික වී තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩකයින් ගෙන්වා ගන්නේ යම් යම් ප්‍රදේශවලින් පමණක් බවත් ඔවුන් දක්ෂතා සෙවීම අනෙකුත් ක්ෂේත්‍රවලට ද ප්‍රවර්ධනය කළ යුතු බවත් ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?