ක්‍රීඩකයන්ගේ ගැටළු විසඳන්න ඔම්බුඩ්ස්මන්වරයෙක්

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ගැටළු විසඳීම සඳහා ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයෙකු පත් කිරීමට නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා යෝජනා කර තිබෙනවා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගැටලු විසඳීම සඳහා ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා දිනපතා ක්‍රීඩා අමාත්‍යාංශයේ රැඳී සිටින බවයි අද පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

“සම්මේලන 60කට වැඩි ප්‍රමාණයක දිගින් දිගටම පවතින ගැටලු නිසා අපේ ක්‍රීඩකයන් මුහුණ දෙන ගැටලු විසඳන්න ඇමැතිතුමාට සහ නිලධාරීන්ට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රශ්න ඇසීමට පමණක් ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයෙකු පත් කරනවා,” යනුවෙන් ඔහු සඳහන් කර තිබෙනවා.

තමා මෙහි පැමිණියේ කිසිදු පුද්ගලයෙකු ආරක්ෂා කිරීමට නොවන බවට සහතික වූ ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ තමන්ට විශාල වැඩකොටසක් සහ අවශ්‍ය යම් යම් වෙනස්කම් කිරීමේ වගකීමක් පැවරී ඇති බවයි.

තමන් තනිකරම ක්‍රිකට් අමාත්‍යවරයකු නොවන බව ප්‍රකාශ කළ ඔහු අනෙකුත් සියලුම ක්‍රීඩාවල දියුණුවට කටයුතු කරන බවට ද සහතික වුණා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇති තහනම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රනාන්දු මහතා, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා ICCය සමඟ සාකච්ඡා කර අවශ්‍ය වෙනස්කම් සිදු කරන බවට ද සහතික වී තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩකයින් ගෙන්වා ගන්නේ යම් යම් ප්‍රදේශවලින් පමණක් බවත් ඔවුන් දක්ෂතා සෙවීම අනෙකුත් ක්ෂේත්‍රවලට ද ප්‍රවර්ධනය කළ යුතු බවත් ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51