ක්‍රිකට් නඩුව විභාග කරන නව විනිසුරු මඩුල්ල නම් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද (14) ඉවත් වුණා.

මෙම පෙත්සමට අදාළව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සිය නීතිඥ ජී.ජී.අරුල්ප්‍රගාසම් මාර්ගයෙන් ගොනුකළ මෝසම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ.කනගීෂ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විමසීම සම්බන්ධයෙන් තම සේවාදායකයා විරෝධය පළ කරන බව දැනුම් දුන්නා.

එහිදී සභාපති විනිසුරු කරුණාරත්න මහතා ප්‍රශ්නයක් යොමු කරමින් “ඔබේ සේවාදායකයා විරුද්ධ වන්නේ මටද? එසේත් නැත්නම් මේ විනිසුරු මඩුල්ලට ද?” යනුවෙන් විමසා සිටියා.

ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥවරයා “ඔබ තුමා මෙම පෙත්සම විමසීම සම්බන්ධයෙන් තමයි මගේ සේවාදායකයා විරුද්ධ වන්නේ ” යනුවෙන් සඳහන් කර සිටියා.

ඉන් අනතුරුව සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සඳහන් කළේ

“පසුගිය දිනවල ක්‍රීඩා අමාත්‍යවරයා, ඇතැම් අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මා සම්බන්ධයෙන් අසාධාරණ ලෙස විවේචන එල්ල කළා. එම නිසා මේ පෙත්සම් විභාගයෙන් මා ඉවත් වීමට තීරණය කළා.” යනුවෙන් සඳහන් කර සිටියා.

මෙහිදී එම විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරයෙකු වශයෙන් කටයුතු කළ විනිසුරු විකුම් කළුආරච්චි මහතා සඳහන් කළේ තමාට මෙය තවත් සාමාන්‍ය නඩුවක් පමණක් බවයි.

වගඋත්තරකරුවන්ට නොතීසි ලබාදී තිබෙන බවට පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු කරුණු ඉදිරිපත් කිරීම හේතුවෙන් තමන් මෙම අතුරු නියෝගය නිකුත් කිරීමට එකඟ වූ බව විනිසුරුවරයා පැවසුවා.

ඉන් අනතුරුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා වෙනත් විනිසුරු මඩුල්ලක් වෙත යොමු කිරීමට සභාපති විනිසුරුවරයා නියෝග කළා

ඒ, අනුව අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී එම විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ධම්මික ගනේපොල මහතා සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත තමන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බවයි.

ඒ, අනුව අදාළ පෙත්සම විභාගය සඳහා නව විනිසුරු මඩුල්ලක් නම් කිරිම වෙනුවෙන් එය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා වෙත යළි යොමු කෙරුණා.

එහිදී වගඋත්තරකාර ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීශ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව නිකුත් කර තිබෙන තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා මෙම මෝසම ගොනු කර තිබෙන බව සඳහන් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මෙම පෙත්සම ගොනු කර තිබෙන්නේ පෞද්ගලික මට්ටමින් බවත් මෙවැනි පෙත්සමක් ගොනු කිරීමට ඔහුට කිසිඳු නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා කරුණු පෙන්වා දුන්නා.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක ද සඳහන් කළේ තම සේවාදායකයා දැනට නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා විරෝධතා ගොනු කර තිබෙන බවයි.

ඒ,අනුව මෙම පෙත්සම සලකා බැලීම සඳහා ඩී. එන්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නම් කර බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සඳහන් කළා.

මෙම නව විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම මේ මස 16 වනදා යළි කැඳවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?