ක්‍රිකට් නඩුව විභාග කරන නව විනිසුරු මඩුල්ල නම් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද (14) ඉවත් වුණා.

මෙම පෙත්සමට අදාළව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සිය නීතිඥ ජී.ජී.අරුල්ප්‍රගාසම් මාර්ගයෙන් ගොනුකළ මෝසම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ.කනගීෂ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විමසීම සම්බන්ධයෙන් තම සේවාදායකයා විරෝධය පළ කරන බව දැනුම් දුන්නා.

එහිදී සභාපති විනිසුරු කරුණාරත්න මහතා ප්‍රශ්නයක් යොමු කරමින් “ඔබේ සේවාදායකයා විරුද්ධ වන්නේ මටද? එසේත් නැත්නම් මේ විනිසුරු මඩුල්ලට ද?” යනුවෙන් විමසා සිටියා.

ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥවරයා “ඔබ තුමා මෙම පෙත්සම විමසීම සම්බන්ධයෙන් තමයි මගේ සේවාදායකයා විරුද්ධ වන්නේ ” යනුවෙන් සඳහන් කර සිටියා.

ඉන් අනතුරුව සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සඳහන් කළේ

“පසුගිය දිනවල ක්‍රීඩා අමාත්‍යවරයා, ඇතැම් අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මා සම්බන්ධයෙන් අසාධාරණ ලෙස විවේචන එල්ල කළා. එම නිසා මේ පෙත්සම් විභාගයෙන් මා ඉවත් වීමට තීරණය කළා.” යනුවෙන් සඳහන් කර සිටියා.

මෙහිදී එම විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරයෙකු වශයෙන් කටයුතු කළ විනිසුරු විකුම් කළුආරච්චි මහතා සඳහන් කළේ තමාට මෙය තවත් සාමාන්‍ය නඩුවක් පමණක් බවයි.

වගඋත්තරකරුවන්ට නොතීසි ලබාදී තිබෙන බවට පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු කරුණු ඉදිරිපත් කිරීම හේතුවෙන් තමන් මෙම අතුරු නියෝගය නිකුත් කිරීමට එකඟ වූ බව විනිසුරුවරයා පැවසුවා.

ඉන් අනතුරුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා වෙනත් විනිසුරු මඩුල්ලක් වෙත යොමු කිරීමට සභාපති විනිසුරුවරයා නියෝග කළා

ඒ, අනුව අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී එම විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ධම්මික ගනේපොල මහතා සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත තමන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බවයි.

ඒ, අනුව අදාළ පෙත්සම විභාගය සඳහා නව විනිසුරු මඩුල්ලක් නම් කිරිම වෙනුවෙන් එය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා වෙත යළි යොමු කෙරුණා.

එහිදී වගඋත්තරකාර ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීශ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව නිකුත් කර තිබෙන තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා මෙම මෝසම ගොනු කර තිබෙන බව සඳහන් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මෙම පෙත්සම ගොනු කර තිබෙන්නේ පෞද්ගලික මට්ටමින් බවත් මෙවැනි පෙත්සමක් ගොනු කිරීමට ඔහුට කිසිඳු නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා කරුණු පෙන්වා දුන්නා.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක ද සඳහන් කළේ තම සේවාදායකයා දැනට නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා විරෝධතා ගොනු කර තිබෙන බවයි.

ඒ,අනුව මෙම පෙත්සම සලකා බැලීම සඳහා ඩී. එන්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නම් කර බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සඳහන් කළා.

මෙම නව විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම මේ මස 16 වනදා යළි කැඳවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12