spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රිකට් ආයතනය දූෂණයෙන් තොර ආයතනයක් බවට පත් කිරීමට නීති සකසන්නැයි ඉල්ලා ඇමතිට ලිපියක්

ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාවේ අභිමානය විදහා පාමින් ජයග්‍රහණ රැසක් හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් එහි පාලන අධිකාරියේ වරදින් දූෂිත ආයතනයක් බවට පත් වී ඇති බව අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය පවසනවා.

එය දුෂණයෙන් තොර ආයතනයක් බවට පත් කර ගැනීම සදහා නීති පද්ධතියක් නිර්මාණය කර දෙන ලෙස ඉල්ලමිනුයි අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙත අද සංදේශයක් භාර දී ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දූෂිත වී ඇත්තේ එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ 14 දෙනෙකු තම පෞද්ගලික බූදලයක් සේ සලකා කටයුතු කරන නිසා බව අදාළ සංදේශය මගින් දැනුම් දී තිබෙනවා.

මෙම ක්‍රමවේදය නිවැරදි මාර්ගයකට ගැනීම සඳහා රජයේ විගණනයකට යටත්ව අවශ්‍ය නීති රීති සකසා නව පනතක් මගින් දූෂණ වංචාවලට එරෙහිව තිත තැබිය හැකි නීති පද්ධතියක් නිර්මාණය කර දෙන ලෙස එමගින් ඉල්ලා ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?