AFC Banner
Empty Ad

ක්‍රය ශක්තිය ඉහළ සංචාරකයින් ගෙන්වා ගැනීමට දායකවන අයට පහසුකම් දෙන්න සූදානම් – ජනපති

සංචාරක කර්මාන්තය දියුණු කිරීමට නම් මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව මෙන්ම ඔවුන් වැය කරන මුදල ඉහළ නංවා ගැනීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එමෙන්ම ඉහළ ක්‍රය ශක්තියක් ඇති සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට අවධානය යොමු කළ යුතු බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

ඒ, සඳහා දායකවන පෞද්ගලික අංශයට අවශ්‍ය පහසුකම් සපයා දීමට රජය සූදානම් බවත් ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

හිල්ටන් යාල රිසෝර්ට් හෝටලය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?