කළු, නිල්වලා සහ ගිං ගංගා අසල ජීවත්වන ජනතාවට දැනුම්දීමක්

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් කළු ගඟ, නිල්වලා ගඟ සහ ගිං ගඟේ ජල මට්ටම් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව, එම ගංගා අවට පහත් බිම්වල ජීවත්වන ජනතාවට ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ද එම මධ්‍යස්ථානය දන්වයි.