“අත්යාවශ්ය සේවා” යනුවෙන් පුවරුවක් බවුසරයේ ඉදිරිපස ප්රදර්ශනය කර මළ අපද්රව්ය කළු ගඟට බැහැර කිරීමට පැමිණි බවුසර රියදුරා සහ සහායකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සමග බවුසරය ද පොලිස් බාරයට ගෙන ඇති අතර අඟුරුවාතොට මාබුගොඩ උඩු ගම්මන ප්රදේශයේ කැලෑබද ප්රදේශයේ බවුසරයක් නවතා මළ අපද්රව්ය කළු ගඟට බැහැර කිරීමට පුද්ගලයන් දෙදෙනකු සූදානම් වන බවට පොලීසියට ලද තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන්ගෙන් සිදු කළ ප්රශ්න කිරීමේදී කළුතර ප්රදේශයේ පෞද්ගලික සමාගමක සේවය කරන බවත් එම ප්රදේශයේ විවිධ ආයතන වල මළ අපද්රව්ය එකතු කර බැහැර කිරීම සඳහා රැගෙන ආ බවට ප්රකාශ කර තිබේ.
පොලිසිය මගින් සිදු කළ පරීක්ෂණවලදී එම ආයතනය ලියාපදිංචි කළ නොකළ එකක් බවටද අනාවරණ වූ බව පොලිසිය පැවසීය.
සැකකරුවන් දෙදෙනා හොරණ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි
අඟුරුවාතොට පොලිසිය පරීක්ෂණ පවත්වයි

YAKO API BONNE OKEN ARAGENA PIRISIDU KARAL DENA NALA JALAYA. PIRISIDU KIYUWATA EWA WEDAK MA NAHE. API AYE FILTER KARANAWA. EITH WEDAK NAHE, MUN KUNUUNA GU OKATA DANA NISA. THOPITA HONDAK NAM WENNA EPA