Indian Premier League

කළුතර සංචාරක හෝටලයක් තුළ දී අහසට වෙඩි

කළුතර සංචාරක හෝටලයක ආරක්ෂක නිලධාරීන් සහ පිටස්තර තරුණයින් පිරිසක් අතර ඇතිවීමට ගිය ගැටුමක් පාලනය කිරීම සඳහා හෝටලයේ උසස් නිළධාරියෙක් අහසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි කළුතර දකුණ පොලිසිය පැවසුවේ.

සංචාරක හෝටලය ඉදිරිපිට මුහුදු වෙරළේ තරුණයින් පිරිසක් මත්පැන් පානය කරමින් සිට ඇති අතර, හෝටලයේ ආරක්ෂක නිලධාරීන් සමඟ ඔවුන් ගැටුමක් ඇතිකර ගැනීමට උත්සාහ කර තිබෙන බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

එහිදී එක් ආරක්ෂක නිලධාරියෙකුට පහරදීමක් සිදුව ඇති අතර, එය පාලනය කිරීම සඳහා ස්ථානයේ රැඳී සිටි හෝටලයේ ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරියෙකු සිය ලියාපදිංචි අවසර ලත් ගිනි අවියෙන් අහසට වෙඩි තබා ඇති බවට සිදුකළ මූලික පරීක්ෂණවලදී හෙළිව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර එම අවස්ථාවේ දී තරුණ පිරිස පළා ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
7
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?