කළුතර, නාගොඩ හන්දිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඉලක්ක කර සිදු කිරීමට ගිය වෙඩි තැබීමක් ව්‍යාර්ථ වී තිබෙනවා.
වෙඩික්කරුවන්ගේ ගිනි අවිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම වෙඩි තැබීම ව්‍යාර්ථ වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
පළාත් පාලන මැතිවරණයේ දී කළුතර මහ නගර සභාවට සමගි ජන බලවේග අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ බන්දුල ප්‍රසන්න නැමැත්තා ඉලක්ක කර ගනිමින් ඊයේ (07) රාත්‍රියේ වෙඩි තැබීමට උත්සාහ ගෙන ඇති බවයි වාර්තා වුණේ.
කළුතර, නාගොඩ හන්දිය ප්‍රදේශයේ ඔහු පවතවාගෙන යන හෝටලය පිටුපසින් පැමිණි වෙඩික්කරුවෙකු විසින් මෙලෙස වෙඩි තැබීමට තැත් කර තිබෙනවා.
එම අවස්ථාවේ දී ගිනි අවිය ක්‍රියාත්මක වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.
බන්දුල ප්‍රසන්න නැමැත්තා ඉලක්ක කරගෙන මීට මාස 09 කට පෙර ද වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති ඇති අතර, එම වෙඩි ප්‍රහාරය ද ව්‍යර්ථ වී ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.
මේ හේතුවෙන් ඔහුගේ ආරක්ෂාව සඳහා පොලිසිය විසින් ඔහුගේ හෝටලය ඉදිරි පිට පොලිස් ආරක්ෂක මුරපොළක්ද පවත්වාගෙන යන බවයි වාර්තා වුණේ.
ඊයේ (07) රාත්‍රියේ වෙඩි තැබීමට උත්සාහ කළ බව කියන ස්ථානය කළුතර කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් පරික්ෂාවට ලක්කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.



