Indian Premier League

කළුතර බස් නැවතුම්පොළේ බස් රථය 03ක් සහ ත්‍රිරෝද රථයක් ගැටී අනතුරක්

බස් රථ තුනක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා ඇති බවයි කළුතර දකුණ පොලිසිය සඳහන් කළේ.

කළුතර සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මහරගම බලා ධාවනය වීමට නියමිතව ගාල්කර තිබූ බස් රථයක් පුද්ගලයෙක් විසින් පණ ගැන්වීමෙන් පසු එය ඉදිරියට ධාවනය වී කොළඹ බලා ධාවනය වීමට නියමිත සුඛෝපභෝගී බස් රථයක ගැටී තිබෙනවා.

අනතුරුව එම බස් රථය පානදුර දක්වා ධාවනය වීමට නියමිතව තිබූ තවත් පෞද්ගලික බස් රථයක ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තවදුරටත් තිරිංග නොමැතිව ධාවනය වූ සුඛෝපභෝගී බස් රථය කොළඹ දෙසට ගමන් කරමින් තිබූ ත්‍රී රෝද රථයක ද ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් බරපතළ තුවාල ලබා ඇත්තේ පානදුර බලා ධාවනය වීමට නියමිතව තිබූ බස් රථය තුළ සිටි අයෙක් වන අතර, ඔහු නාගොඩ ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:35:01
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34
Video thumbnail
කටුනායක ව්‍යාපාරිකයාගේ දිවි තොර කරන්න ආ වෙ#ක්කරු කොටු වෙයි
01:11
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමිය හිනාවෙලා රනිල් ගැන කියපු කතාව
07:56
Video thumbnail
ආශු මාරසිංහ කෙලින්ම සැරටම කියපු කතාව
06:53
Video thumbnail
කුණු කානුවේ ගිය ඔටුන්න රනිල්ගේ ඔළුවට ආවට - මේ ඔටුන්න ජනතාවම අපිට පැළන්දුවා
04:56
Video thumbnail
සමහර අයගේ ගණුදෙණු ආපුවහම අපිට ආත්ම හතක් තියන්න වෙනවා
12:22
Video thumbnail
සෙංකඩගල නුවරට වැහැපු වැස්සටබැතිමත්තු සිසීකඩ දුවයි
09:08
Video thumbnail
පොලිසියෙන් - හමුදාවට සැර සද්දයක්
01:08

?