කළුතර දී වෙඩි තැබීම සිදුකළ ‘බෝංචියා’ අත්අඩංගුවට

පසුගියදා කළුතර, වෙට්ටුමකඩ පල්ලිය පාර ප්‍රදේශයේදී පුද්ගලයෙක්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පයාගල, මැහිමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 වන සම්පත් කුමාරතුංග නොහොත් ‘බෝංචියා’ යන අනුවර්ත නාමයෙන් හැඳින්වෙන පුද්ගලයෙක්.

මොහු පිළිබඳව මාලිගාවත්ත හා අවට ප්‍රදේශවල ආවේෂණ කැමරා නිරීක්ෂණයෙන් අනතුරුව ලද තොරතුරකට අනුව මාලිගාවත්ත ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී මෙම සැකකරු කළුතර අපරාධ කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුට මීට පෙර හෙරොයින් ජාවාරම් සහ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙක් වන අතර ඔහු අද (03) කළුතර මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන සඳහා රැඳවූම් නියෝග ලබා ගැනීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
00:00
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40
Video thumbnail
මරික්කාර් - වටගල පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "මේ බොරු සභාගත කරන ඇමතියෙක්"
01:59
Video thumbnail
ගහේන් වැටුණු ගෙඩි නිසා ප්‍රපාතයට ගිය ලොරි රථය
02:36
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01