AFC Banner
AFC Banner
Empty Ad

කළමණාකාර මහත්තයෙක් කුඩුත් එක්ක අනුරපුරයේ දී පොලිසියට කොටු

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගම කළමනාකරුවෙකු රුපියල් කෝටියකට අධික වටිනාකමක් ඇති හෙරොයින් සමග පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මෙම පුද්ගලයාව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් අනුරාධපුර,පණ්ඩුලගම, පැරකුම් මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.

48 වන වියේ පසුවන මෙම සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 26යි මිලිග්‍රෑම් 500ක් අනුරාධපුර පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අදාළ හෙරොයින් ජාවාරම හසුරවනු ලබන්නේ ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින මෙරට පුද්ගලයකු බවටයි අනාවරණය වී ඇත්තේ.

වසර 15 කට ආසන්න කාලයක් ප්‍රදේශයේ දිළිඳු පවුල් වල දරු දැරියන් හට පොත්පත් බෙදා දෙමින් සමාජයේ කැපී පෙනෙන ධානපතියෙකු ලෙස අඟවමින් ආරක්ෂක අංශ නොමග යවමින් මෙම ජාවාරම සිදුකර ඇති බව පොලිසිය සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?