කහතුඩුව නිවසේ ගින්නකින් මවයි පියයි මරුට දරු දෙදෙනාත් රෝහලේ

කහතුඩුව මාගම්මන ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක ගින්න හට ගත්තේ (25) රාත්‍රී දහයට පමණය. දෙනෙකු ට මරු කැඳවූ එම ගින්නට හේතුව කාමරයේ තබා තිබූ ඉන්ධන වර්ගයක් විය හැකි බවයි සැක පල කරන්නේ.නිවසේ පහළ මාලය තුළ ඇති වී තිබෙන ගින්න එහි නිදන කාමරයකටද පැතිර ගොස් තිබුණා

ගෙහිමි යුවළ සිය දියණියන් දෙදෙනා සමග නිදා සිට ඇත්තේ එම ස්ථානයේය.ගින්නෙන් බේරී ඇත්තේ වෙනත් කාමරයක නිදා සිටි, නිවෙස් හිමියාගේ මව පමණි.ගින්න දුටු වහාම ප්‍රදේශවාසීන් පැමිණ එය නිවා දමා පිරිස මුදා ගැනීමට කටයුතු කළේය.

ඒ වන විටත් නිවසේ සිටි 47 හැවිරිදි පියා ඇතිවූ පිළිස්සුම් තුවාල හේතුවෙන් මියගොස් සිට තිබුණි.පසුව අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා රෝහල් ගත කෙරුණි. එලෙස රෝහල් ගත කෙරුණත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 35 හැවිරිදි කාන්තාව (26) පෙරවරුවේ මියගොස් තිබුණි.

සිව් හැවිරිදි දියණිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන අතර 19 හැවිරිදි අනෙක් දියණිය තරමක් අසාධ්‍ය තත්ත්වයෙන් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?