කවුරු විරුද්ධ වුණත් නැගෙනහිර ජැටිය ඉන්දියාවට බදු දෙනවා

කවුරු විරුද්ධ  වුණත් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය බදු දෙන බවත් එය රජයේ ස්ථාවරය බවත් ග්‍රාමීය මාර්ග සංවර්ධන හා අවශේෂ පහසුකම් පිළිබද රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා (24දා) වත්තල කෙළවරපිටියේදී පැවසීය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ වත්තල ශ්‍රීලංකා පොදු ජන පෙරමුණේ තරුණ බල මණ්ඩලය අමතමිනි.

 
එහිදී තව දුරටත් අදහස් දක්වා සිටි අමාත්‍යවරයා මෙසේ ද කීවේය.
 
”  රජයක් ලෙස අපි ප්‍රකාශ කරන්නේ අපි රාජ්‍ය දේපළ විකුණාගෙන කන්නේ නෑ. අපි කරන්නේ නැගෙනහිර ජැටියට ආයෝජන කරන්න ඉන්දියානු සමාගමකට බදු දීමයි. ඉන්දියාව වේවා, ජපානය, චීනය,  ඇමරිකාව වේවා ඕනෑම රටක් ලංකාවේ ආයෝජනයට එනවා නම් අපි ඒ අයට අවස්ථාව දෙනවා.
 
එසේ ආයෝජන අපේ රටට ආ විට රටේ තරුණ තරුණියන් ට රැකියා අවස්ථා උදාවෙනවා. ඒ නිසා අපි එකහෙලා කියාසිටි පරිදි කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ ආයෝජනය කිරීමට ඉන්දියානු සමාගමට අවස්ථාව ලබා දෙනවා. ඉන්දියාව අප අසල්වැසි මිත්‍ර රටක්, ඒ අය අමනාප කර ගැනීම අනුවන කමක්.
 
අද මුළු ලෝකයේම ආර්ථිකය කඩා වැටිලා එය අපේ රටටත් බලපාලා තියනවා. ඒ නිසා අපි රට දියුණු කරන්න අවශ්‍ය කටයුතු සිදු කල යුතුයි. එහි එක් පියවරක් ලෙස තමයි අපි සංචාරකයන් සදහා ගුවන්තොටුපළ විවෘත කෙරුවේ. ඒත් විපක්ෂ ය කියනවා මුළු රටටම කොරෝනා බෝ කරනවා කියලා. එසේ ඔවුන් කියන්නේ එන්. ජී. ඕ. කාරයන්ගේ සල්ලි වලටයි. ” 
 
මෙම අවස්ථාවට හිටපු පලාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගු, වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගරාජා අල්විස්, උප සභාපති බිගුන් ජයතුංග, වත්තල තරුණ බල මණ්ඩලයේ සභාපති ජගත් ජයතුංග යන මහතුන් ඇතුළු දේශපාලන මහජන නියෝජිතයන් විශාල පිරිසක් එක්වී සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?