කවුරු විරුද්ධ වුණත් නැගෙනහිර ජැටිය ඉන්දියාවට බදු දෙනවා

කවුරු විරුද්ධ  වුණත් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය බදු දෙන බවත් එය රජයේ ස්ථාවරය බවත් ග්‍රාමීය මාර්ග සංවර්ධන හා අවශේෂ පහසුකම් පිළිබද රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා (24දා) වත්තල කෙළවරපිටියේදී පැවසීය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ වත්තල ශ්‍රීලංකා පොදු ජන පෙරමුණේ තරුණ බල මණ්ඩලය අමතමිනි.

 
එහිදී තව දුරටත් අදහස් දක්වා සිටි අමාත්‍යවරයා මෙසේ ද කීවේය.
 
”  රජයක් ලෙස අපි ප්‍රකාශ කරන්නේ අපි රාජ්‍ය දේපළ විකුණාගෙන කන්නේ නෑ. අපි කරන්නේ නැගෙනහිර ජැටියට ආයෝජන කරන්න ඉන්දියානු සමාගමකට බදු දීමයි. ඉන්දියාව වේවා, ජපානය, චීනය,  ඇමරිකාව වේවා ඕනෑම රටක් ලංකාවේ ආයෝජනයට එනවා නම් අපි ඒ අයට අවස්ථාව දෙනවා.
 
එසේ ආයෝජන අපේ රටට ආ විට රටේ තරුණ තරුණියන් ට රැකියා අවස්ථා උදාවෙනවා. ඒ නිසා අපි එකහෙලා කියාසිටි පරිදි කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ ආයෝජනය කිරීමට ඉන්දියානු සමාගමට අවස්ථාව ලබා දෙනවා. ඉන්දියාව අප අසල්වැසි මිත්‍ර රටක්, ඒ අය අමනාප කර ගැනීම අනුවන කමක්.
 
අද මුළු ලෝකයේම ආර්ථිකය කඩා වැටිලා එය අපේ රටටත් බලපාලා තියනවා. ඒ නිසා අපි රට දියුණු කරන්න අවශ්‍ය කටයුතු සිදු කල යුතුයි. එහි එක් පියවරක් ලෙස තමයි අපි සංචාරකයන් සදහා ගුවන්තොටුපළ විවෘත කෙරුවේ. ඒත් විපක්ෂ ය කියනවා මුළු රටටම කොරෝනා බෝ කරනවා කියලා. එසේ ඔවුන් කියන්නේ එන්. ජී. ඕ. කාරයන්ගේ සල්ලි වලටයි. ” 
 
මෙම අවස්ථාවට හිටපු පලාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගු, වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගරාජා අල්විස්, උප සභාපති බිගුන් ජයතුංග, වත්තල තරුණ බල මණ්ඩලයේ සභාපති ජගත් ජයතුංග යන මහතුන් ඇතුළු දේශපාලන මහජන නියෝජිතයන් විශාල පිරිසක් එක්වී සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34