කවුරුත් නොපැමිණි ‘අම්මාගේ මළ ගෙදර’ තනියෙන්ම වළ කැපූ දුවෙක්ගේ කතාව

කවුරුත් ආවෙ නැති අම්මාගේ මළ ගෙදර මිනී වළ තනියෙන් කපපු ඉන්දියාවේ දුවෙක් පිළිබඳව පසුගිය කාලයේ අසන්න ලැබුණා.

ඇය පිළිබඳව බීබීසී පුවත් සේවය දැනට දින කිහිපයකට පෙර ලිපියක් සකසා තිබුණා.

එම ලිපිය පළ වී දින කිහිපයක් ගත වුවද ලාංකේය පරිශීලකයන්ගේ අවදානයට යොමු නොවූ එය මෙලෙස ගෙනහැර දක්වමු.

සෝනි කුමාරි ඉන්දියාවේ ජීවත් වන 18 හැවිරිදි තරුණියක්.කොවිඩ් හමුවේ දරුණු පීඩාවන්ට මුහුණ දී සිටින අසල්වැසි ඉන්දියාවේ ජීවත් වන මැය ජීවත්ව ඇත්තේ තම මව ,දොළොස් හැවිරිදි සොයුරා සහ 14 හැවිරිදි සොයුරිය සමග. ඇයගේ පියත් ඇයට අහිමි වෙලා.ඒ මීට ටික කලකට පෙර ඇගෙ පියාවත් කොවිඩ් මාරයා බිලි ගත් නිසා. ඔහු තමයි සොනිලාගේ ගමේ වෛද්‍යවරයා.

මේ වන විට ඇයට තම මවත් අහිමියි. මවත් මිය ගිය පසු ඇය මුහුණ දුන් අතිශය සංවේදී අවස්ථාව ඇගේම අදහසින් පහතින්,

“කිසිම කෙනෙක් කැමති වුණේ නැහැ දේහයට අත තියන්නවත්.ඒ නිසා මගේම දෑතින් මම මිනීවල හෑරුවේ. මට තනියෙම ඒක කරගන්න සිද්ධ වුණා.අපේ ලෝකය කඩා වැටුණා. අපි තනි වුණා. මගේ අම්ම තාත්ත ගමේ අයට ගොඩක් උදව් කරලා තියෙනවා. ඒත් අපිට අවශ්‍ය වෙලාවට කවුරුවත් හිටියෙ නැහැ.
තනිවීම තමයි දරා ගන්නම බැරි. ගෙදර කන්න දෙයක් තිබුණේ නැහැ. අම්මගේ අතින් උයපු අන්තිම වේල විතරයි කුස්සියේ තිබුණේ. මුල් දවස් කීපයේ කිසිම කෙනෙක් අපිට කිසි දෙයක් දුන්නේ නැහැ. ඇඟේ වෛරසය නැහැ කියල වෛද්‍ය පරීක්ෂණයකින් ඔප්පු වෙනකල් අපි තුන්දෙනා හිටියේ තනියෙම.”

කොවිඩ් වසංගතයට ගොදුරු වී සෝනිගේ පියා මියගිය වහාම මව ද රෝගාතුර වී තිබෙනවා. මවගේ ජීවිතය බේරා ගැනීම සඳහා සෝනි වහාම ක්‍රියාත්මක වී ඇති අතර සිය බාල සොයුරා සහ සොයුරිය නිවසේ තනිකර ඇය තම මව රැගෙන රෝහලකට ගොස් තිබෙනවා.

නමුත් මවගේ ජීවිතය බේරා ගැනීමට ඇයට හැකි වී නැහැ. සෝනි ආපසු නිවසට පැමිණ ඇත්තේ මවගේ දේහය රැගෙන.

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ඈත පිටිසර ගමක ජීවත්වන ඇයට මෙම අවස්ථාවේ අසල්වාසීන්ගෙන් කිසිදු උපකාරයක් ලැබී නැහැ.

කොවිඩ් වසංගතයට බිලි වූ ඉන්දියාවේ මිනිස් ජීවිත ගණන අති විශාලයි. සෝනි ගේ කතාවට සමාන තවත් කතා බොහොමයක් ඉන්දියාව පුරා පවතිනවා.

දෙමාපියන් අහිමි වූ දරුවන් සිය දහස් ගණනකගේ තත්ත්වය සොනිගේ කතාව මෙන්ම ඉතා දුක්බරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:20
Video thumbnail
අනුර කරන්න පුළුවන් මිනිහෙක්ට රට දීලා ගෞරවාන්විතව පැත්තකට වෙන්න - ඉන්ධන නොමැතිවීම මිනිස්සු කුපිත වෙයි
02:29
Video thumbnail
අපිට හොඳයි මේ ආණ්ඩුව - අපිට සැපයි
03:05
Video thumbnail
ඩී.වී.චානක නැගිටලා හතර වටේටම දෙසයි - අප්‍රේල් මාසයට එක නැවක්වත් සීස් කරගෙන නෑ
09:10
Video thumbnail
ආබාධිතයි කියලා අපිට කරන්න දෙයක් නෑ - QR නැතුව තෙල් ගහන්න බෑ
04:28
Video thumbnail
දැනටමත් මාසෙකට වඩා අපිට තෙල් තියෙනවා - විපක්ෂය හැමදාම බොරදියේ තමයි මාළු බාන්නේ
03:50
Video thumbnail
චාමර සම්පත් නැගිටිලා ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි
11:57
Video thumbnail
විදේශිකයන් සෙට් එකක් ලංකාවට ඇවිත් කළ දැවැන්ත මාර්ගගත වංචාවක් කොටුකළ මෙහෙයුම
04:12
Video thumbnail
පාර්ලිමේන්තුව හෙට වහනවා - හදිසි තීරණයක් ගනී
03:06
Video thumbnail
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන්වල වැඩිවීමක් - පරණ ෂොපින් භාවිතා කරන්න වෙයි
08:41