කලාවැවේ හැඩකාරයා වූ බරණගේ ආභරණ ගොඩ ගැනේ (ඡායාරූප)

මීට වසර වසර එකයි මාස 03කට පෙර එනම් 2022-07-26 වන දින කිසියම් පුද්ගලයකු විසින් විදුලි සැර යොදා ඝාතනය කර තිබූ කලාවැවේ හැඩකාරයා ලෙසින් දෙස් විදෙස් සංචාරකයන් අතර ජනප්‍රියත්වයට පත්ව සිටි බරණ හස්ථියාගේ වල දමා තිබූ දළ යුගලය ඇතුළත් හිස කොටස ගොඩ ගෙන තිබෙනවා.

අද පස්වරුවේ වනජීවී නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම කටයුතු සිදු වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

බරණ හස්ථියාගේ දළ යුගලය ඇතුළත් එම හිස කොටස සංරක්ෂණය කර මහජන ප්‍රදර්ශණයට ඉදිරිපත් කිරීම සදහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණයක් සමග මෙම දළ ගොඩ ගෙන තිබෙනවා.

කලාවැව ජාතික උද්‍යානයේ ඇත් පංතියේ සිටි බරණ හස්තියා ගල්කිරියාගම රණවකන්ද රක්ෂිතයේ දී පසුගිය වසරේ ජූලි මස 26 වනදා කිසියම් පුද්ගලයකු විසින් විදුලි සැර යොදා ඝාතනය කර තිබියදී සොයා ගැනුණා.

එලෙස මිය ගිය සත්වයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව සංරක්ෂණ කටයුතු සදහා නැවත ලබා ගැනීමේ අරමුණින් දළ යුගලය සහිත හිස කොටස කඳින් වෙන්කර ගෙන සිරුර එම ස්ථානයේදීම මිහිදන් කෙරුණා. ඒ ප්‍රදේශවාසීන් එක්ව සිදු කළ ආගමික වතාවත්වලින් ද අනතුරුවයි.

මිහිදන් කිරීමට පෙර කඳින් වෙන්කරගත් හිස කොටස ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාල භූමියේ වල දමා ආරක්ෂාව සහිතව තැබීමටයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබුවේ. ඒ දෙස් විදෙස් සංචාරකයන් අතර සුප්‍රසිද්දියට පත්ව සිටි බරණගේ දළ යුගල සහිත එම හිස කොටස සංරක්ෂනය කර මහජනතාවට ප්‍රදර්ශණයට තැබීම වෙනුවෙන්.

ඒ අනුව ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ වල දමා තිබූ බරණගේ දළ යුගලය සහිත හිස කොටස එහි සංරක්ෂණ කටයුතු සදහා යළි ගොඩ ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අද පියවර ගෙන තිබෙනවා.

ඒ ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක එච්.එස්. එස් බංඩාර මහතාගේ අධීක්ෂණය යටතේ පැය කිහිපයක මෙහෙයුමකින් පසුවයි.

බරණට ආභරණයක්ව පැවැති දළ යුගළ පළමුව හිසෙන් වෙන්කර ගොඩ ගැනුනු අතර පසුව බරණගේ හිස කොටස ගොඩ ගැනීම සිදු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මහජන ප්‍රදර්හණය සදහා සංරක්ෂණය කිරීමට යෝජිත බරණගේ එම දළ යුගලය හා හිස කොටස මේ වන විට ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය භාරයේ පවතින අතර එම දළ යුගලය හා හිස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත භාරදීමට නියමිතයි.

විදුලි සැර යොදා සිදුකර තිබූ බරණගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් නිලධාරියකු ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර සිටිනවා.

එම සැකකරුවන් බරණගේ ඝාතනයට යොදා ගත් බව කියන අනවසර විදුලි රැහැන් ද ඝාතනය සිදුවූ ස්ථානයට යාබද කුඹුරක පිහිටි ඉඩමක ඇති ළිඳක දියේ ගිල්වා සඟවා තිබියදී සොයාගැනීමට ද වනජීවි නිලධාරීන් විමර්ශණවලදී සමත් වුණා.

බරණගේ ඝාතනය සම්බන්ධයෙන් වූ එම නඩු විභාගය මේ වනවිට කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින අතර එම නඩුව ලබන දෙසැම්බර් මස 07 වනදා යළි කැඳවීමට ද නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
30
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07