කලාපයේ අනෙකුත් රටවලට වඩා මෙරට රාජ්‍ය සේවයේ වැටුප් අඩු බව ලෝක බැංකුව කියයි

ලෝක බැංකුවේ මෙරට කළමනාකරු ගෙවෝර්ග් සාර්ගසියාන්ගේ (Gevorg Sargsyan) නායකත්වයෙන් යුත් ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් පසුගිය 25 වැනිදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා සහ එහි සාමාජිකයින් හමුවී සාකච්ඡාව නිරත වුණා.

අනතුරුව එම නියෝජිත කණ්ඩායම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති නිශාන්ත සමරවීර, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති කබීර් හෂීම්, සහ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති විජේසිරි බස්නායක සහ අදාළ කාරක සභා සාමාජිකයින් අතර ඒකාබද්ධ රැස්වීමකට ද සහභාගි වී තිබුණා.

වසර ගණනාවක් පුරාවට ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දක්වන අඛණ්ඩ සහයෝගය පිළිබඳව කාරක සභා සභාපතිවරු විසින් ලෝක බැංකුවට සිය කෘතඥතාව පළකර ඇති බවයි වාර්තාවන්නේ..

ලෝක බැංකු නිලධාරීන් විසින් මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ කඩිනම් සිදු කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දී ඇති අතර, ශ්‍රී ලංකාව කලාපයේ අනෙකුත් රටවලට වඩා සැලකිය යුතු ලෙස ඉහළ බලශක්ති පිරිවැයකට මුහුණ දෙන බවද පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම වරාය සහ සැපයුම් අංශයේ සංවර්ධන කටයුතු වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා ලක් වී ඇති අතර රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යාව නිසි පරිදි පවත්වා ගනිමින් සමස්ත ඵලදායිතාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය ද ලෝක බැංකු නියෝජිත පිරිස අවධාරණයකර ඇති බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකාව කලාපීය රටවලට සාපේක්ෂව රාජ්‍ය සේවයේ අඩු වැටුප් මට්ටම් පවතින බව සහ සාපේක්ෂව විශාලතම ශ්‍රම බලකායක් පවත්වාගෙන යන රටක් බව ද ඔවුහු විසින් පෙන්වා දී තිබෙනවා.

ආදායම් එකතු කිරීම හා වැඩිදියුණු කිරීම, රැකියා අවස්ථා නිර්මාණය, දරිද්‍රතාවය තුරන් කිරීම, ආර්ථිකය තුළ කාන්තා සහභාගීත්වය වැඩි දියුණු කිරීම මෙන්ම සංචාරක, අධ්‍යාපනික, කෘෂිකාර්මික සහ ව්‍යවසායකත්ව වැනි ප්‍රධාන ක්ෂේත්‍ර ශක්තිමත් කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ සහ වර්ධනය පිළිබඳව ද මෙම සාකච්ඡාවන් හිදී අවධානය යොමු වී ඇති බවයි පාර්ලිමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29