කල්මුණේට නාම යෝජනා ගැනීමේ තහනම තවත් දීර්ඝ වෙයි

කල්මුණේ මහ නගර සභාව සඳහා පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් නාම යෝජනා භාර ගැනීම වළක්වාලමින් නිකුත් කර තිබූ ලද තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.

විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි අද මෙම තීන්දුව ලබා දුන්නේ.

ඒ අනුව නඩුවට අදාළ විරෝධතා තිබේනම් ඒවා අද දින සිට සති හතරක් තුළ ගොනු කරන ලෙස මැතිවරණ කොමිසම ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේනම් එතැන් පටන් සති දෙකක් තුළ ගොනු කරන ලෙස නියෝග කළා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ඥානරාජ් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා නාම යෝජනා කැඳවමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය තුළ සයින්දමරුදු නගර සභාව ඇතුළත් නොවන බවයි.

සයින්දමරුදු ප්‍රදේශය ද කල්මුනේ නගර සභාවට සම්බන්ධ කර නාමයෝජනා කැඳවා ඇතැයි පෙන්වා දුන් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා ඒ තුළින් සයින්දමරුදු ප්‍රදේශයේ ඡන්දදායකයින්ට දැඩි අගතියක් සිදුවන බවද පෙන්වා දුන්නා.

එබැවින් මැතිවරණයක් පමණක් පැවැත්වීම ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් නීතිඥවරයා සඳහන් කළේ පවත්වනු ලබන මැතිවරණයෙන් නීත්‍යානුකූලව ආකාරයෙන් පැවැතිවිය යුතු බවයි.

ඡන්දය ප්‍රකාශ කිරීම ජනතාවගේ මූලික අයිතිවාසිකමක් බවත් ඊට බාධා කිරීම නුසුදුසු බවත් මෙහිදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළා.

කෙසේවෙතත් කරුණු අධ්‍යයනය කර අධිකරණයට සුදුසු නියෝගයක් නිකුත් කර ලෙසටයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේ.

මෙය ජනතාවගේ ඡන්ද අයිතිය හා බැඳුණු නඩුකරයක් බැවින් එහි විභාගය කඩිනමින් සිදුවිය යුතු බව පෙන්වා දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පෙත්සම යළි මාර්තු මස 24 වනදා කැඳවීමට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?