කල්මුණේට නාම යෝජනා ගැනීමේ තහනම තවත් දීර්ඝ වෙයි

කල්මුණේ මහ නගර සභාව සඳහා පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් නාම යෝජනා භාර ගැනීම වළක්වාලමින් නිකුත් කර තිබූ ලද තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.

විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි අද මෙම තීන්දුව ලබා දුන්නේ.

ඒ අනුව නඩුවට අදාළ විරෝධතා තිබේනම් ඒවා අද දින සිට සති හතරක් තුළ ගොනු කරන ලෙස මැතිවරණ කොමිසම ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේනම් එතැන් පටන් සති දෙකක් තුළ ගොනු කරන ලෙස නියෝග කළා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ඥානරාජ් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා නාම යෝජනා කැඳවමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය තුළ සයින්දමරුදු නගර සභාව ඇතුළත් නොවන බවයි.

සයින්දමරුදු ප්‍රදේශය ද කල්මුනේ නගර සභාවට සම්බන්ධ කර නාමයෝජනා කැඳවා ඇතැයි පෙන්වා දුන් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා ඒ තුළින් සයින්දමරුදු ප්‍රදේශයේ ඡන්දදායකයින්ට දැඩි අගතියක් සිදුවන බවද පෙන්වා දුන්නා.

එබැවින් මැතිවරණයක් පමණක් පැවැත්වීම ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් නීතිඥවරයා සඳහන් කළේ පවත්වනු ලබන මැතිවරණයෙන් නීත්‍යානුකූලව ආකාරයෙන් පැවැතිවිය යුතු බවයි.

ඡන්දය ප්‍රකාශ කිරීම ජනතාවගේ මූලික අයිතිවාසිකමක් බවත් ඊට බාධා කිරීම නුසුදුසු බවත් මෙහිදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළා.

කෙසේවෙතත් කරුණු අධ්‍යයනය කර අධිකරණයට සුදුසු නියෝගයක් නිකුත් කර ලෙසටයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේ.

මෙය ජනතාවගේ ඡන්ද අයිතිය හා බැඳුණු නඩුකරයක් බැවින් එහි විභාගය කඩිනමින් සිදුවිය යුතු බව පෙන්වා දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පෙත්සම යළි මාර්තු මස 24 වනදා කැඳවීමට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34