කලපුවක නාන්න ගිය තරුණයින් දෙදෙනෙක්ට ජීවිත අහිමිවෙයි

යාපනය, පන්නෙයි ප්‍රදේශයේ දී ඊයේ (07) පස්වරුවේ කලපුවේ දිය නෑමට ගිය පුද්ගලයින් සිව්දෙනෙක් අතරින් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දියේ ගිලුණු සිව්දෙනා ප්‍රදේශවාසීන් විසින් ගොඩගෙන රෝහල් ගත කර ඇති අතර, රෝහල් ගත කිරීමෙන් අනතුරුව මොවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

අනෙක් පුද්ගලයින් දෙදෙනා යාපනය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බවයි තොරතුරු වාර්තා වන්නේ.

කලපුවේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 18 සහ 20 යන වයස්වල පසු වූ තරුණයින් දෙදෙනෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?