AFC Banner
Empty Ad
Empty Ad

කලටුවාවේ ප්‍රධාන ජල නළයක් ගැලවී යයි – ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා

අයහපත් කාලගුණික තත්ත්වය සමඟ කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට ක්‍රියාත්මක වන ප්‍රධාන ජල නළ සැපයුම් මාර්ගයක කොටසක් ගැල වී ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් උදෑසන 6.00 සිට 9.00 දක්වාත්, සවස 5.00 සිට රාත්‍රී 9.00 දක්වාත් ප්‍රදේශ කිහිපයකට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජල සැපයුම සිදුකරන බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ.

ඒ, අනුව ගලගෙදර, පාදුක්ක, ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, මහරගම, බොරලැස්ගමුව සහ පැපිලියාන ප්‍රදේශවලට මෙලෙස අඩු පීඩනයක් යටත්තේ ජලය සැපයෙනු ඇති.

මේ අතර ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ හානි වූ ප්‍රධාන ජල නළ කඩිනමින් යථාතත්ත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?