කරාපිටිය රෝහල වාර්තාවක් තබයි

ගාල්ල  කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය මඟින් මෙම වසරේ  (2021) ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් මස 06 වැනි දින දක්වා කාලය තුළදි කොවිඩ් ආසාදිත මරණ 615ක පශ්චාත් මරණ පරික්ෂණ සිදුකොට ඇති බව කරාපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා පවසනවා.

කොවිඩ් වෛරසය ආසාදිතව රෝහලේ දී මියගිය පුද්ගලයින් හා නිවෙස්වලදි මිය යාමෙන් පසුව කරණු ලැබු  පී.සී.ආර් පරික්ෂණවලදි කොවිඩ් වෛරසය ආසාදනය වු පුද්ගලයින්ගේ මෘතදේහයන් පශ්චාත් මරණ පරික්ෂණවලට ලක්කොට තිබෙනවා.

කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින්ගෙන් බහුතරයක් කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බව මෙම පශ්චාත් මරණ පරික්ෂණවලදී අනාවරණය වී තිබුණා.

මේ අතර ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙන් ඉකුත් පැය 24 ක කාලය තුළදී කොවිඩ් මරණ 12ක් වාර්තා වී ඇති බවද රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසනවා. 

ඉන් 08 දෙනෙකුම මියගොස් ඇත්තේ  නිවෙස්වලදි වන අතර 04 දෙනෙකු රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි මියගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?