කරාපිටිය රෝහලේ සේවකයාට උණුවතුර ප්‍රහාරයක් -මුහුණ පිළිස්සී රෝහලේ

කරාපිටිය රෝහලේ ආපන ශාලාව තුළදී යුද හමුදා සෙබළකු සහ රෝහල් කම්කරුවකු අතර ඊයේ (14දා) ගැටුමක් ඇතිවී තිබෙනවා.

මුහුණට උණු වතුර ගැසීම නිසා පිලිස්සුම් තුවාල ලැබූ රෝහල් කම්කරුවා මේ වනවිට රෝහලට ඇතුළත් කළ බව රෝහල් පොලිසිය සඳහන් කරනවා

බද්දේගම අම්පෙගම පදිංචි දැනට අනුරාධපුර සාලියවැව කඳවුරේ සේවය කරන සෙබළකු ඔහුගේ අට හැවිරිදි පුතාට අසනීප වීම නිසා කරාපිටිය රෝහලට ඇතුළත්කර සාත්තුවට ළඟ සිට ඇති අතර දරුවා උණ වතුර ඉල්ලීම නිසා ඔහු උණ වතුර ලබා ගැනීමට ආපන ශාලාවට ගොස් තිබෙනවා

එම අවස්ථාවේ රෝහල් කම්කරුවාද පැමිණ තේ ඉල්ලා ඇති අතර ,තේ සහ උණු වතුර දෙන්නේ එකම කවුළුවකින් නිසා ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් හමුදා සෙබළා සහ කම්කරුවා අතර බහින් බස් වීමක් සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී හමුදා සෙබළාගේ හිසට පහරක් එල්ලවී ඇති අතර, ඒ සමඟම හමුදා සෙබළා ද තම අත තිබූ උණු වතුර භාජනයෙන් කම්කරුවාගේ මුහුණට දමා ගසා තිබෙනවා.

රෝහල් ප්‍රකාශකයකු පැවැසුවේ පිලිස්සුම් තුවාල ලැබූ කම්කරුවාගේ තත්ත්වය බරපතළ නොවන බවයි .

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?