කරාපිටිය රෝහලේ සේවකයාට උණුවතුර ප්‍රහාරයක් -මුහුණ පිළිස්සී රෝහලේ

කරාපිටිය රෝහලේ ආපන ශාලාව තුළදී යුද හමුදා සෙබළකු සහ රෝහල් කම්කරුවකු අතර ඊයේ (14දා) ගැටුමක් ඇතිවී තිබෙනවා.

මුහුණට උණු වතුර ගැසීම නිසා පිලිස්සුම් තුවාල ලැබූ රෝහල් කම්කරුවා මේ වනවිට රෝහලට ඇතුළත් කළ බව රෝහල් පොලිසිය සඳහන් කරනවා

බද්දේගම අම්පෙගම පදිංචි දැනට අනුරාධපුර සාලියවැව කඳවුරේ සේවය කරන සෙබළකු ඔහුගේ අට හැවිරිදි පුතාට අසනීප වීම නිසා කරාපිටිය රෝහලට ඇතුළත්කර සාත්තුවට ළඟ සිට ඇති අතර දරුවා උණ වතුර ඉල්ලීම නිසා ඔහු උණ වතුර ලබා ගැනීමට ආපන ශාලාවට ගොස් තිබෙනවා

එම අවස්ථාවේ රෝහල් කම්කරුවාද පැමිණ තේ ඉල්ලා ඇති අතර ,තේ සහ උණු වතුර දෙන්නේ එකම කවුළුවකින් නිසා ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් හමුදා සෙබළා සහ කම්කරුවා අතර බහින් බස් වීමක් සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී හමුදා සෙබළාගේ හිසට පහරක් එල්ලවී ඇති අතර, ඒ සමඟම හමුදා සෙබළා ද තම අත තිබූ උණු වතුර භාජනයෙන් කම්කරුවාගේ මුහුණට දමා ගසා තිබෙනවා.

රෝහල් ප්‍රකාශකයකු පැවැසුවේ පිලිස්සුම් තුවාල ලැබූ කම්කරුවාගේ තත්ත්වය බරපතළ නොවන බවයි .

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

  1. හමුදා සෙබළා ගේ ක්‍රියාව අගය කරනවා.රෝහල් සේවකයන් රෝහලේ පාතාල නායකයින් වගේ සිටින්නේ.එය දන්නා සියල්ලන් හමුදා සේවකයා දිරිමත් කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනං මනං කතා වැඩක් නෑ ඥානසාර හිමි නිදහස් කරන්න - ජනපතිට බොහොම කාරුණිකව කියන්නේ
03:24
Video thumbnail
පොදු වැසිකිළිය පවා ඉබ්බෝ දලා ලොක් කරන තරමට බංකොළොත්වෙලා - කඩාකප්පල්කාරී වැඩ කරන්න එපා
06:56
Video thumbnail
ඇතුන් ටික ම#ණ මහ මොළකාරයා ලාල්කාන්ත තමයි ? ලාල්කාන්ත කියන න#රියා ඉවත් විය යුතුයි
03:54
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් පා ගමනේ යන හිමිවරුන් - භික්ෂූන් එක පෙළට වඩින අයුරු
02:19
Video thumbnail
පොලිසිය අසත්‍ය කරුණු වාර්තා කරමින් තහනම් නියෝගය අරගෙන - හිටපු නැති හිමිවරුන්ගේ නමුත් දාලා ?
05:51
Video thumbnail
කාවන්තිස්ස ඇතා මියයාම ඝා#තනයක් - ඝා#කයෝ නිදැල්ලේ..නිලධාරින් වංචනිකව මඟ හැරියා
06:32
Video thumbnail
හාර්ඩ්වෙයාර් එකක හදිසියේම ඇතිවූ මහ ගින්න - ගින්න නිවන්න ගිනි නිවීමේ රථත් ගෙන්වයි
00:53
Video thumbnail
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි - තද සුළං, ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
00:41
Video thumbnail
සංවර්ධනය මුවාවෙන් රුවන්වැලිසෑයේ චෛත්‍යය වටේට වැටක් ඉදිකරන්න යන්නේ ?ජීවිත පූජා කරලා අපි නතර කරනවා
11:40
Video thumbnail
කාවන්තිස්ස හස්තියාට සෙනෙහසින් සමුදුන් සියඹලන්ගමුවේ ජනතාව - අත් එකතු කරලා වදිනවා
00:56