කරාතේ සටන් කරන ගමන් භාවනා කරන මිශෙල් : Exclusive

“පොදු” ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂක ආකර්ශනය හා ආදරය දිනාගත් මිශෙල් දිල්හාරා සමග ගොසිප් ලංකා නිව්ස් අපි සුහද පිළිසඳරක යෙදුනා.

1- අලුත් අවුරුද්දත් එක්ක කොහොමද මිශෙල් ගෙ වැඩ කටයුතු එහෙම?

—– මේ දවස් වල, රේස් ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් කරගෙන යනවා. තව,’පොදු සීසන් 2′ පටන් ගන්න යන්නේ ඒකෙ රූපගත කිරීම් කරගෙන යනවා. ඒ වගේම තව අලුත් ටෙලිඩ්‍රාමා 3 ක වැඩත් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.. ඒ එක්කම මගේ ස්ටඩීස් ටිකත් කරගෙන මේ දවස් ටිකේ ඉන්නවා.

2- මිශෙල්ගේ විනෝදාංශය මොකද්ද?

—–රංගන ශිල්පිනියක් විදියට අපිට රිසර්ච් කරන්න එහෙම වෙනවා විදේශ රටවල ඒවා පවා, ඉතින්, ගොඩක් වෙලාවට ෆිල්ම් බලනවා මන් දැන්. ඉතින් ඒකම විනෝදාංශයක් වෙලා මට.ස්පොර්ට් එකක් විදියට ‘කරාතේ’ කරනවා, තව සින්ගින්ග් කරනවා.

3-‘කරාතෙ’ කරන්නේ කොයි කාලෙ ඉදන් වගේද?

—–දැන් මට 25යි. මං 5 වසරේ වගෙ ඉදන් තමයි කරාතෙ කරන්නේ.

4- ‘කැන් යු හියර් මි” ඩ්‍රාමා එකට ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාර තිබ්බා. මොකද්ද හිතන්නේ ඒ ඩ්‍රාමා එක ගැන.

—-ඇත්තටම මන් මේක අවස්ථාවක් කරගන්නවා සුනිල් කොස්තා සර් ට ස්තුති කරන්න. සුනිල් සර් තමයි මට ඒ අවස්ථාව දුන්නේ.ඒක මගෙ හැරවුම් ලක්ෂය වුණා කිව්වොත් නිවැරදියි. ටීම් වර්ක් එකක් විදියට ප්‍රඩක්ෂන් එකේ ඉදලාම ගොඩක් මහන්සි වුණ ඩ්‍රාමා එකක් ඒක. ඒ හින්ද ම ඒක සාර්ථක වෙන්න ඇති කියලා හිතනවා.ඒකට සම්බන්ධ වෙන්න ලැබුන එකම භාග්‍යයක්.

5- මිශෙල්ගේ ගෙදර තව කවුද ඉන්නේ?

—– පවුලේ ඉන්නේ මමයි, අම්මයි, තාත්තයි, නන්ගිලා දෙන්නයි. ලොකු නංගි වැඩ කරන ගමන් ඉගෙන ගන්නවා. පොඩි නංගි තාම ඉගෙන ගන්නවා.

6- පොඩි ළමයිට උදව් කරන්න කැමති ද? ආසද පොඩි ළමයින්ට?

—–මම ඇත්තටම ඇක්ටින් ෆීල්ඩ් එකට එන්න කලින් තමයි සමාජ සේවා වැඩ වලට උනන්දු උනේ, අවුරුදු 15 විතර ඉදන් වගේ.වැඩිහිටි නිවාස වල, ළමා නිවාස වල ස්වේච්ඡා ගුරුවරියක් විදියට් කටයුතු කළා. එතනින් පටන් ගත්ත එක තමයි මන් දැන් වුණත් කරන්න උත්සහ කරන්නේ.

7- මිශෙල් භාවනා කරනවා නේද? අධ්‍යාත්මික පැත්තට නැඹුරු උනේ කොයි කාලේ වගෙද?

—– මම උසස් පෙළ කරේ 2014. ඇක්ටින් වල ට එන්න කලින් මම අනෝජා මිස් ගාව අවුරුදු එක හමාරක් දෙකක් විතර ඇක්ටින් ඉගෙන ගත්තා.මෙඩිටේෂන් වගේම යෝගත් මම සමබරව කරගෙන යනවා යෝගා පටන් ගත්තේ එතනින්. යෝගා ඉගෙන ගද්දි රිසර්ච් කරද්දි මෙඩිටේෂනුත් අපිට ඕනේ කියලා මං හොයාගත්තා. මං හිතන විදියට මෙඩිටේෂන් කියන්නේ මානසික සැහැල්ලුව ට අපි හැමොටම ඕනේ කරන දෙයක්.

7- මිශෙල් දිල්හාරා කියන්නේ පරිසර තානාපතිවරියක්. ඒ දේවල් එක්ක සොභාදහමට තියෙන ඇල්ම කොහොමද?

—-2020 දි තමයි “දෙනෙත’ ආයතනය මඟින් මාව ශ්‍රි ලංකා තානපති විදියට තෝර ගත්තේ. මාත් එක්කම ඉන්දියාවේ සුපිරි නිළි ‘ජුහි චවුලා’ ව එයාලගේ ඉන්දියන් ඇම්බසි විදියට තෝර ගත්තා. ඒ ධූරයෙන් පස්සේ එයාලා එක්ක ‘ක්ලයිමචේන්ජ් ග්ලෝබල් වෝමින් එච්.සීරෝ කාබන් නියුට්‍රොන සම්බන්ධ දේවල් ගැන අධ්‍යනය කලා.ඉතින් විශ්ව විද්‍යාල හා පාසල් මට්ටමෙන් මං ඉගෙන ගත්ත දේවල් බෙදා ගන්න උත්සහ කරනවා.

8- මිශෙල් සත්තුන්ට කැමතිද?මොන වගේ සත්තුන්ට ද කැමති?

—- මං ආසම සතා හාවා.මට හාවො 4 දෙනෙක් ඉන්නවා ගෙදර.අනිත් සත්තුන්ටත් කැමති ඒත් ගොඩක්ම කැමති හාවොන්ට.

9- සමාජය වෙනුවෙන් කරන්න පුළුවන් හොඳ දේවල් මොනව ද?

—– අපි හැමෝටම සමාජය වෙනුවෙන් වෙන්න ඕනේ රෙස්පොන්සිබිලිටිස් තියෙනවා. මම ඇක්ටින් වලට ආව ට පස්සේ මගේ ආදායමෙන් 60-70% මං සමාජ සේවය වෙනුවෙන් මං වෙන් කරනවා. මං විශ්වාස කරන දෙයක් තමයි මට ලැබෙන ඉන්කම් එක 100% මට නෙමෙයි අයිති ඒ තැනට එන්න මට ගොඩක් අය උදවු කරා. මම මගේ කොටස තියාගෙන ඉතුරු ඔක්කොම සමාජයට දෙන්න ඕනේ කියන තැන මං ඉන්නවා.මම එහෙම කියන්නේ මං දැන් රඟපාන දෙයක් උනත් ඒක බලන්න ප්‍රේක්ෂකයො හිටියෙ නැත්තන් මට මගේ ගමන යන්න බෑ. ඒකයි ම්ං හිතන්නේ මට ලැබෙන දේ අයිති මට විතරක් නෙමේ කියලා.

10- රටේ දේශපාලනය ගැන මොකද හිතන්නේ? ජනතාවට සාධාරණයක් වෙනව ද ?

—- ඇත්තට ම පොලිටිකල් ගැන කතා කරන්න මම කැමති නෑ.

11- මිශෙල් කියනවට ද කැමති ? දිල්හාරා කියනවට ද ?

—-නම් දෙකෙන්ම කතා කරනවා. ගොඩක් දෙනා කතා කරන්නෙ නම් මිශෙල් කියලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15