කරන්දෙණියේ සුද්දාගේ ගෝලයෝ බඩුත් එක්ක මාට්ටු වෙති (වීඩියෝ)

කිසියම් අපරාධයකට සැරසෙමින් සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණියේ සුද්දාගේ ගෝලයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්‍යය බලකාය නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය ගාල්ල සේනාංක බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව රත්ගම කඳවුරේ නිලධාරීන්ගේ සහාය ද ඇති ව මෙම වැටලීම ඊයේ (12) පස්වරුවේ සිදු කර ඇත්තේ ගෝනපීනුවල පොලිස් වසමේ වරාගස්විල වත්ත, ගෝනපීනුවල ප්‍රදේශයේ දියි.

එහිදී පිස්තෝල අවියක්, කඩු 03ක්, හෙරොයින් හා ගංජා ද සොයා ගැනුණා.

අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර හික්කඩුව, රනාල හා ගාල්ල යන ප්‍රදේශයන්වල පදිංචි වයස අවුරුදු 29,33,45 පසුවන පුද්ගලයන් තිදෙනෙකු සිටි බවයි පැවසෙන්නේ.

ඉතාලියේ නිෂ්පාදිත 9 MM වර්ගයේ ස්වයංක්‍රීය පිස්තෝල අවියක්, මැගසින් 01 ක්, කඩු 03 ක්, හෑස් ඔයිල් ග්‍රෑම් 36යි මිලි ග්‍රෑම් 10ක්, වියළි ගංජා ග්‍රෑම් 205 ක්, හෙරොයින් ග්‍රෑම් 16යි, මිලි ග්‍රෑම් 120 ක් සමග ජංගම දුරකථන 04 ක් ද අත්අඩංගුවට ගැනුණා.

මෙම සැකකරුවන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේ දී මොවුන් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණියේ සුද්දා යන අයගේ ගෝලයන් බවට තොරතුරු අනාවරණය ව තිබෙනවා.

මෙහි එක් සැකකරුවෙකු 2014 වර්ෂයේ දී පෑනක් හැඩයට සකස් ලද පිස්තෝල ගිනි අවියක් සහිතව ද, 2020 වර්ෂයේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02ක් සන්තකයේ තබා ගැනීමේ වරදට ද, 2022 වර්ෂයේ කටස් වර්ගයේ පිස්තෝල අවි 02 ක් සන්තකයේ තබාගැනීමේ වරදට ද වරදකරු වී ඇති අයෙක්.

මෙහි දෙවන සැකකරු 2013 වර්ෂයේ දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධව මහා අධිකරණ නඩු 05ක් ද විභාග වන බවට ද, තුන්වන සැකකරු කපුවෙකු ලෙස කටයුතු කරන බවටත් පුරා වස්තු කැණීම් කටයුතු සඳහා මන්තර ගුරුකම් කරන පුද්ගයෙකු බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?