කරන්දෙණියේ සුද්දාගේ ගෝලයෝ බඩුත් එක්ක මාට්ටු වෙති (වීඩියෝ)

කිසියම් අපරාධයකට සැරසෙමින් සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණියේ සුද්දාගේ ගෝලයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්‍යය බලකාය නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය ගාල්ල සේනාංක බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව රත්ගම කඳවුරේ නිලධාරීන්ගේ සහාය ද ඇති ව මෙම වැටලීම ඊයේ (12) පස්වරුවේ සිදු කර ඇත්තේ ගෝනපීනුවල පොලිස් වසමේ වරාගස්විල වත්ත, ගෝනපීනුවල ප්‍රදේශයේ දියි.

එහිදී පිස්තෝල අවියක්, කඩු 03ක්, හෙරොයින් හා ගංජා ද සොයා ගැනුණා.

අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර හික්කඩුව, රනාල හා ගාල්ල යන ප්‍රදේශයන්වල පදිංචි වයස අවුරුදු 29,33,45 පසුවන පුද්ගලයන් තිදෙනෙකු සිටි බවයි පැවසෙන්නේ.

ඉතාලියේ නිෂ්පාදිත 9 MM වර්ගයේ ස්වයංක්‍රීය පිස්තෝල අවියක්, මැගසින් 01 ක්, කඩු 03 ක්, හෑස් ඔයිල් ග්‍රෑම් 36යි මිලි ග්‍රෑම් 10ක්, වියළි ගංජා ග්‍රෑම් 205 ක්, හෙරොයින් ග්‍රෑම් 16යි, මිලි ග්‍රෑම් 120 ක් සමග ජංගම දුරකථන 04 ක් ද අත්අඩංගුවට ගැනුණා.

මෙම සැකකරුවන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේ දී මොවුන් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණියේ සුද්දා යන අයගේ ගෝලයන් බවට තොරතුරු අනාවරණය ව තිබෙනවා.

මෙහි එක් සැකකරුවෙකු 2014 වර්ෂයේ දී පෑනක් හැඩයට සකස් ලද පිස්තෝල ගිනි අවියක් සහිතව ද, 2020 වර්ෂයේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02ක් සන්තකයේ තබා ගැනීමේ වරදට ද, 2022 වර්ෂයේ කටස් වර්ගයේ පිස්තෝල අවි 02 ක් සන්තකයේ තබාගැනීමේ වරදට ද වරදකරු වී ඇති අයෙක්.

මෙහි දෙවන සැකකරු 2013 වර්ෂයේ දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධව මහා අධිකරණ නඩු 05ක් ද විභාග වන බවට ද, තුන්වන සැකකරු කපුවෙකු ලෙස කටයුතු කරන බවටත් පුරා වස්තු කැණීම් කටයුතු සඳහා මන්තර ගුරුකම් කරන පුද්ගයෙකු බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14