කම්කරු සංගම් කාර්යාලයට කඩා පැනපු හිටපු ඇමතිවරු

රාජගිරිය ලංකා ජාතික වතු කම්කරු සංගම් කර්යාලයේ පසුගියදා ඇති වු සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ප්‍රමාද බවට එහි ලේකම් වඩිවෙල් සුරේෂ් මහතා චෝදනා කරයි.

එක්සත් ජාතික පක්ෂය සහ එම පක්ෂයෙන් වෙන්ව ගිය සමගි ජන බලවේගය අතර ලංකා ජාතික වතු කම්කරු සංගමයේ බලය මුල් කරගනිමින් ගැටලුවක් හටගත් අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයේ නඩුවක්ද විභාග වේ.

මෙවැනි පසුබිමක රාජගිරියේ පිහිටි ලංකා ජාතික වතු කම්කරු සංගම් කර්යාලයේ පසුගියදා ඇති වු සිද්ධියක් සම්බන්ධයෙන් වඩිවෙල් සුරේෂ් මහතා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේය.

“2021.09.08 වන දින එම සංගමයේ මුලස්ථානයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසක් ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් සහ නාඳුනන පිරිසක් යකඩ කූරු හා පොලු සමඟ බලහත්කාරයෙන් ඇතුළු වුණා. සාගල රත්නායක මහතා, රුවන් විජේවර්ධන මහතාත්, නවීන් දිසානායක මහතාත් කාර්යාලයේ දොරවල් කඩා ඇතුළු විය.”

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, “මෙම සංගමය පිළිබඳව නඩුවක් උසාවියේ තිබුණා. ඒ අනුව තාවකාලික නියෝගයක් හම්බවුණා යෝගරාජන් මැතිතුමා එතැනට පත්කරලා. එතැනදි මෙතුමත් ඇවිල්ලා ප්‍රශ්නයක් ඇතිවෙලා ඒක පොලීසියට ගිහින් දැන් පසුව උසාවියට අපහස කිරීමේ චෝදනාවක් දාලා තියෙනවා.” යනුවෙනි.

රාජගිරියේ පිහිටි ලංකා ජාතික වතු කම්කරු සංගම් කර්යාලයේ ඇති වූ සිද්ධියට අදාළ බව කියන CCTV දර්ශන සහ තවත් දර්ශන කිහපයක් අද (01)වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරයා මාධ්‍යයට ලබාදුන්නේය.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමතිවරුන් වන සාගල රත්නායක, නවීන් දිසානායක හා රාජ්‍ය අමාත්‍යවරයකු වූ රුවන් විජයවර්ධන යන මහත්වරුන් ලංකා ජාතික වතු කම්කරු සංගම් කාර්යාලයට ඇතුළු වන අකාරය එම CCTV කැමරාවල මෙලෙස සටහන්ව තිබුණි.

වඩිවෙල් සුරේෂ් මහතා සිද්ධිය සම්බන්ධයෙන් අදත් අදහස් පළ කළේය.

“ලංකා ජාතික වතු කම්කරු සංගමයේ කාර්යාලය කඩලා කුඩු කරනවා හිටපු ඇමතිවරු. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙලත් නෑ නමුත් එයලාට MSD. මහජනතාව ප්‍රතික්ෂේප කරපු කට්ටිය කම්කරු කාර්යාල කඩලා පොලීසියට කිව්වා, පොලීසියෙන් තාම ඇක්ෂන් නෑ. පාර්ලිමේන්තුවේ කථානායකතුමාට කිව්වා තාම පිළිතුරුක් හම්බවුණේ නෑ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09