කබාය අස්සේ හැංගී රටට රිංගූ කුෂ්

රුපියල් එක් කෝටි අනූ ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් තමන් පැළඳ සිටින කබාය (Jacket) තුළ සඟවා ගෙන, ව්‍යාපාරිකයන් සඳහා වූ
රක්ත මාවත ( Red Channel ) ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යාමට තැත් කළ, ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (03) උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මරදාන, සංඝරාජ මාවත ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි සැකකරුවෙක් මෙලෙස අත් අඩංගුවට ගැනුණු බවයි දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

සැකකරු අද උදෑසන 09.45 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන ආ පාවහන් තොගය රේගු නිලධාරීන් විසින් නිශ්කාෂණය කරමින් සිටියදී , ඔහු එතෙක් පැළඳගෙන සිටි කබාය ගලවා පසෙක වූ පුටුවක දමා ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබද සැක සිතූ රේගු නිලධාරීවරයා, නිශ්කාෂණ කටයුතු පසෙක තබා මෙම ව්‍යාපාරිකයා ගලවා දැමූ කබාය ගෙන පරීක්ෂා කරන විට , ඒ තුළ සඟවාගෙන තිබූ කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 847ක් බර මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වුණා.

සැකකරු හා කුෂ් තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34