කබාය අස්සේ හැංගී රටට රිංගූ කුෂ්

රුපියල් එක් කෝටි අනූ ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් තමන් පැළඳ සිටින කබාය (Jacket) තුළ සඟවා ගෙන, ව්‍යාපාරිකයන් සඳහා වූ
රක්ත මාවත ( Red Channel ) ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යාමට තැත් කළ, ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (03) උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මරදාන, සංඝරාජ මාවත ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි සැකකරුවෙක් මෙලෙස අත් අඩංගුවට ගැනුණු බවයි දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

සැකකරු අද උදෑසන 09.45 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන ආ පාවහන් තොගය රේගු නිලධාරීන් විසින් නිශ්කාෂණය කරමින් සිටියදී , ඔහු එතෙක් පැළඳගෙන සිටි කබාය ගලවා පසෙක වූ පුටුවක දමා ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබද සැක සිතූ රේගු නිලධාරීවරයා, නිශ්කාෂණ කටයුතු පසෙක තබා මෙම ව්‍යාපාරිකයා ගලවා දැමූ කබාය ගෙන පරීක්ෂා කරන විට , ඒ තුළ සඟවාගෙන තිබූ කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 847ක් බර මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වුණා.

සැකකරු හා කුෂ් තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?