කබ්රාල්ගෙන් නිවේදනයක්

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

අජිත් නිවාඩ් කබ්රාල් විසින් සිදු කරන ලද ප්‍රකාශය – 2022 අප්‍රේල් 18

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයා විසින් අංක 68647/4 දරන නඩුවට අදාලව මා හට නිකුත් කරන ලද සිතාසිය අනුව 2022 අප්‍රේල් 18 වැනි දින මගේ නීතිඥවරයා හරහා අධිකරණයට පිළිතුරු ගොනු කිරීමට මා හට නියෝග කරන ලදී. එම සිතාසිය සිවිල් නඩු විධි විධාන සංග්‍රහය ප්‍රකාරව මා වෙත නිකුත් කරන ලද අතර, ඒ අනුව . නීතීඥවරයෙකු මා වෙනුවෙන් පෙනී නොසිටින්නේ නම්, අනාගතයේ දී සිදු කරනු ලබන නීතිමය දැනුම්දීම් සිදු කළ යුතු ලිපිනයක් සඳහන් කරමින් එය අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ද මා හට දන්වා තිබුණි.

මා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ ජීවන්ත ජයතිලක මහතා විසින් මා හට ලැබී ඇති සිතාසිවල ස්වභාවය පැහැදිලි කරන ලද අතර, සිතාසිය අනුව මා පෞද්ගලිකව අධිකරණයේ පෙනී සිටීමේ අවශ්‍යතාවක් නොමැති බව වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටින ලදී. එමෙන්ම, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 144 වගන්තිය ප්‍රකාරව, ගරු මහේස්ත්‍රාත්වරයාට සිය අභිමතය පරිදි අධිකරණයට කැඳවන ලද පාර්ශ්වයක් හට පෞද්ගලිකව පෙනී සිටීමෙන් වැළකී සිටීමට බලය ඇති බව මගේ නීතිඥයන් විසින් මට උපදෙස් දී ඇත.

තවද, මෙම අවස්ථාවෙහිදී මට විදේශගත වීමට අදහසක් නොමැති බව මගේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටින ලදී. එබැවින්, සංචාරක තහනම ඉවත් කිරීම සඳහා කිසිදු අයදුම්පතක් ඉදිරිපත් කිරීමට මා හට අවශ්‍යතාවක් නොතිබිණි. එසේ වුවද, මට විදේශගත වීමට අවශ්‍යතාවයක් පැන නගින්නේ නම්, අදාළ අදියරේදී විදේශ සංචාරක තහනමට අදාළ අයදුම්පතක් ඉදිරිපත් කිරීමට මගේ නීතීඥයින්ට අයිතිය ඇති බවද අධිකරණයට දැනුම් දෙන ලදී. ඒ අනුව, ගරු මහේස්ත්‍රාත්තුමා මෙම නඩුව 2022 මැයි 02 දිනට නැවත කැඳවීමට තීරණය කොට ඇත.

තවද එකී පැමිණිල්ලේ මට විරුද්ධව එල්ල වී ඇති චෝදනා පදනම් විරහිත සහ/හෝ ද්වේෂසහගත ඒවා බවත්, වැදගත් කරුණු යටපත් කර අධිකරණයට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් බවත්, එම සියල්ල ප්‍රතික්ෂේප කොට නිවැරදි දේ ඉදිරිපත් කිරීමට නීත්‍යානුකූලව සියලු පියවර මා ගන්නා බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32