AFC Banner
AFC Banner
Empty Ad

කඳුළු ගෑස් උණ්ඩ 50 සොරාගත් සැකකරු ඔබේසේකරපුරින් අල්ලයි

පසුගිය 13 වනදා පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාව පාලනය කිරීම සඳහා රැගෙන එමින් තිබියදී පැහැර ගැනීමට ලක් වූ කඳුළු ගෑස් උණ්ඩ 50ක් සමඟ සැකකරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල සැකකරු රාජගිරිය – ඔබේසේකරපුර – නානායක්කාර මාවත ප්‍රදේශයේ දී ඊයේ (17) අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

31 හැවිරිදි මොහු පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු සැකකරුගේ කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔහු තාවකාලිකව පදිංචිව සිටින බොරැල්ල – ගෝතමී පාරේ පිහිටි නිවසක පැහැර ගත් කදුළු ගෑස් උණ්ඩ සඟවා ඇති බවයි.

පසුව පොලිස් කණ්ඩායමක් එහි ගොස් අදාල කදුළු ගෑස් උණ්ඩ 50 සොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?