Empty Ad
AFC Banner
Empty Ad

කඳුබොඩ දැරියට මරු කැඳවූ යකැදුරු කත සහ මව රිමාන්ඩ් භාරයට

කඳුබොඩ ප්‍රදේශයේ නිවෙසක පවත්වා ගෙන ගිය ශාන්තිකර්ම මධ්‍යස්ථානයේදී අට හැවිරිදි දැරියක මරුමුවට පත්වීම සම්බන්ධව අත්අඩංගුවට ගත් දැරියගේ මව හා කට්ටඩි කාන්තාව ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට මහර ප්‍රධාන මහෙස්ත්‍රාත් ජී.ඒ.ආර්. ආටිගල මහත්මිය ඊයේ (01 වැනිදා) නියම කළාය.

දෙල්ගොඩ, කඳුබොඩ ප්‍රදේශයේ පදිංචි කට්ටඩි කාන්තාව වන මොහොමඩ් පාරුක් ලාහිලා පාලිදා (අවු 38) හා දැරියගේ මව වන පාතිමා රික්තා (අවු 40) යන කාන්තාවන් දෙදෙනා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඉකුත් සෙනසුරාදා (27 වැනිදා) පස්වරුවේ මෙම දැරියගේ මව විසින් දැරිය එම නිවෙස ආසන්නයේ නිවෙසක පවත්වා ගෙන ගිය ශාන්තිකර්ම මධ්‍යස්ථානයට අමනුෂ්‍ය දෝෂයක් දුරු කර ගැනීම සඳහා රැගෙන ගිය අවස්ථාවේ ශාන්තිකර්මය කළ කාන්තාව විසින් දැරියට එකී ශාන්තිකර්මයේදී වේවැලකින් පහර දීමෙන් දැරිය මරුමුවට පත්වී ඇතැයි පැවසේ.

මේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ දෙගොඩ, කඳුබොඩ ප්‍රදේශයේම පදිංචිව සිටි මොහොමඩ් රිකා පාතිමා රිෆා නමැති අට හැවිරිදි දැරියකි. මේ සිද්ධිය පිළිබඳව මිගහවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හේරෙත් හා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එල්.ඒ. විමලරත්න යන නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

අපගේ පෙර පුවත – දේවාලයට රැගෙන ගිය දැරියට වේවැලකින් පහර දී මියයයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද වදකාගාරය පොලීසියට සම්බන්ධයි - තිත්ත ඇත්ත මෙන්න
10:05
Video thumbnail
KASTHIRAMA | බටලන්ද දුක් කන්ද කොයිබටද ? විශේෂ කස්තිරම දේශපාලන වැඩසටහන සජීවීව
01:27:01
Video thumbnail
මහජන මුදල් හොරා කාපුවා - තාජුඩීන් ගැන හොයනවා කියලා ආවේ - දැන් බටලන්දක් අල්ලගෙන දඟලනවා
07:15
Video thumbnail
අම්බලන්ගොඩ රත් කළ වෙ#ඩිල්ල - බුදුන් පාමුල නිරුද්ධ කළ ප්‍රාණය
02:44
Video thumbnail
බටලන්දට විතරක් - ඉර එලිය වැටිලා වැඩක් නෑ - උවිඳු විජේවීර ආණ්ඩුවට වටෙන් ඇන්න ටොක්ක
10:03
Video thumbnail
ජනපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක්
02:57
Video thumbnail
කුණ්ඩසාලේ බලය සජබය අතට ගනී
11:43
Video thumbnail
හැටන් ස්ටේෂන් එකේ එක විජ්ජුම්බරයයි - අග ඉඳලා මුලට වෙච්ච සිදුවීම මෙන්න
04:49
Video thumbnail
කිරිඇල්ලගේ දුව නුවර බලය අල්ලන වැඩේට අත ගහයි
06:49
Video thumbnail
බටලන්ද වාර්තාව ආවා විතරයි ගැමුණුත් වාර්තාවක් එළියට දායි
14:33

?