AFC Banner
AFC Banner
Empty Ad

කන්තලෙන් මහනුවරට එන කිඹුල්ලු (PHOTO)

මහනුවර කුඩාරත්වත්ත මාවත පවත්වාගෙන යනු ලබන ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කිරීමේ ස්ථානයකට පිටපලාත් තුළින් ගෙන්වන වැලි සමඟ කුඩා කිඹුල් පැටවුන් ද පැමිණීම හේතුවෙන් මහවැලි ගඟට කිඹුලන් බෝ වීමේ අවදානමක් මතු වී ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි.

කන්තලේ ප්‍රදේශයේ සිට ගෙන්වන බව කියන එම වැලිවල මීට පෙර අවස්ථාවකදී ද කිඹුල් පැටවුන් හමුවූ බවත් අද (27) දිනයේද ඒ ආකාරයෙන් තරමක විශාල කිඹුල් පැටවෙකු හමු වී ඇති අතර එම කිඹුල් පැටවා වනජීවී නිලධාරීන්ට බාර දීමට කටයුතු කර ඇතැයිද සඳහන්.

එම ගොඩනැගිලි අලෙවි කිරීමේ ස්ථානයෙන් ගලායන ඇලක තවත් කිඹුල් පැටවුන් සිටින බව ප්‍රදේශවාසීන් පැවසීමත් සමග එම කිඹුලන් සොයා මේ වන විට මෙහෙයුමක් දියත් කොට කර ඇතැයිද සඳහන්.

එම වැලි පොල පිහිටි ස්ථානයේ සිට මීටර මීටර 50ක පමණ දුරකින් මහවැලි ගඟ ගලා යන අතර හෙයකින් මෙම කිඹුල් පැටවුන් මහවැලි ගඟට ගියහොත් දැඩි අවධානම් තත්ත්වයක් තත්වයක් මතුවන බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?