කථානායකවරයා සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා අතර හමුවක්

කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ අභිනවයෙන් පත්වූ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ අතර හමුවක් පසුගිය දා (01) පාර්ලිමේන්තුවේ දී සිදුවුණා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර ද එක්ව සිටි බවයි පාර්ලිමේන්තුව නිවේදනය කළේ.

ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී පනත සම්මත කරගැනීම සහ පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පිහිටුවීමට සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ මෙහිදී සුබපැතුම් පිරිනැමුවා.

එමෙන්ම මෙම කටයුතු ඉදිරියට සිදුකිරීම සඳහා ඉදිරි වසර 05 සඳහාවන නව සහයෝගීතා වැඩසටහන හරහා ඩොලර් මිලියන 300ක් ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බවද ඔහු සඳහන් කළා.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංවර්ධන හවුල්කරුවෙකු ලෙස නිරතුරුව ලබාදෙන සහයෝගය පිළිබදව කථානායකවරයා සිය කෘතඥතාව පළකර සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, මැතිවරණ ක්‍රමය, සාමය ගොඩනැගීමේ කටයුතු සහ දේශපාලනයේ කාන්තා නියෝජනය යන කරුණු පිළිබඳව ද මෙහිදී දෙපාර්ශ්අවය අතර අදහස් හුවමාරු කර ගැනුණා.

දේශපාලනය තුළ කාන්තා නියෝජනය තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ගෙන යන වැඩපිළිවෙළ සහ ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා තරුණ නියෝජිතයන් ඇතුළත් කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මෙහිදී කරුණු පැහැදිලි කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?