කථානායකවරයා සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා අතර හමුවක්

කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ අභිනවයෙන් පත්වූ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ අතර හමුවක් පසුගිය දා (01) පාර්ලිමේන්තුවේ දී සිදුවුණා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර ද එක්ව සිටි බවයි පාර්ලිමේන්තුව නිවේදනය කළේ.

ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී පනත සම්මත කරගැනීම සහ පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පිහිටුවීමට සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ මෙහිදී සුබපැතුම් පිරිනැමුවා.

එමෙන්ම මෙම කටයුතු ඉදිරියට සිදුකිරීම සඳහා ඉදිරි වසර 05 සඳහාවන නව සහයෝගීතා වැඩසටහන හරහා ඩොලර් මිලියන 300ක් ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බවද ඔහු සඳහන් කළා.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංවර්ධන හවුල්කරුවෙකු ලෙස නිරතුරුව ලබාදෙන සහයෝගය පිළිබදව කථානායකවරයා සිය කෘතඥතාව පළකර සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, මැතිවරණ ක්‍රමය, සාමය ගොඩනැගීමේ කටයුතු සහ දේශපාලනයේ කාන්තා නියෝජනය යන කරුණු පිළිබඳව ද මෙහිදී දෙපාර්ශ්අවය අතර අදහස් හුවමාරු කර ගැනුණා.

දේශපාලනය තුළ කාන්තා නියෝජනය තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ගෙන යන වැඩපිළිවෙළ සහ ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා තරුණ නියෝජිතයන් ඇතුළත් කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මෙහිදී කරුණු පැහැදිලි කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42