කතරගම ඇසළ පෙරහැර මංගල්‍යය අරඹමින් කප් සිටවීමේ මංගල්‍යය සිදුකෙරේ

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු චාරිත්‍රය වන කප් සිටවීමේ මංගල්‍යය අද (06) අලුයම සුබ මොහොතින් සිදු කෙරුණා.

චාරිත්‍රානුකූලව සිදුකරන ලද කප් සිටවීමේ මංගල්‍යයේ සිට දින 45 කට පසුව පෙරහැර මංගල්‍යය ආරම්භ වනවා.

දින 15 කට ආසන්නව පැවැත්වෙන ඇසළ උත්සවයේ පළමු අංගය වන්නේ කප් සිටුවීමයි.