කඩේට බඩු දාද්දි ලොරියක් උඩට පස් කන්දක් කඩා වැටෙයි (ඡායාරූප)

හැටන් නගරයේ පිහිටි වෙළෙඳසැලක් අසල නවතා තිබූ ලොරි රථයක් මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.

ඉන් එම ලොරි රථයේ ඉදිරිපස කොටස පස්වලින් සම්පුර්ණයෙන් ම යට වී ඇති බවයි හැටන් පොලිසිය සඳහන් කළේ.

හැටන් ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග අද (26) දින ලොරි රථය නවතා තිබූ ස්ථානයට ඉහළින් පිහිටි පස් කන්දක් පස්වරු 2 ට පමණ මෙලෙස කඩා වැටී තිබෙනවා.

ලොරි රථයේ ඉදිරිපස කොටස සම්පුර්ණයෙන් ම යට වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.

පස් කන්ද කඩා වැටුණු අවස්ථාවේ ලොරි රථය තුළ කිසිවෙකු සිට නොමැති බවත්, ලොරි රථය නවතා එම වෙළෙඳසැලට රැගෙනවිත් තිබූ ආහාර ද්‍රව්‍ය ඉවත් කරමින් සිටින අවස්ථාවේ දී මෙම අනතුර සිදු ව ඇති බවත් වාර්තා වනවා.

පස් කන්ද කඩා වැටීමෙන් ලොරි රථයේ ඉදිරිපස කොටසට දැඩි අලාභ හානි සිදු ව ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

5 2
7 1
2 6
7 1
3 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
4
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15