AFC Banner
Empty Ad
Empty Ad

කඩල කියා ගෙන්වූ ලක්ෂ ගණනක උදු රේගුවෙන් අල්ලයි (වීඩියෝ)

රුපියල් තුන්කෝටි දස ලක්ෂයක වටිනාකමින් යුත් උදු තොගයක් කඩල අඩංගු බහාලුමක් තුළ සඟවා නීතිවිරෝධී ව මෙරටට ගෙන ඒමේ දී ශ්‍රී ලංකා රේගු අධිකාරියේ භාරයට ගෙන තිබෙනවා.

මෙම වැටලීම සිදු කරනු ලැබුවේ; ඔරුගොඩවත්ත බහාලුම් අංගනයේ දී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරින් පිරිසක් විසින්.

අදාළ උදු තොගය මෙරටට ගෙන්වා ඇත්තේ ඉන්දියාවේ සිට බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පැවසුවේ.

අද පෙරවරුවේ දී මෙම වැටලීම සිදු කර ඇති අතර, වැටලීම සිදු කරන ලද අවස්ථාවේ දී බහාලුම තුළ වූ සියලු ඇසුරුම්වල සටහන් කර තිබී ඇත්තේ කඩල බවට ද හෙළි ව තිබෙනවා.

එකිනෙක පරීක්ෂා කිරීමේ දී මෙට්‍රික් ටොන් 17ක් බරැති මෙම උදු තොගය සොයා ගැනීමට හැකි වූ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය සඳහන් කළේ.

කොළඹ – මරදාන ප්‍රදේශයේ ආනයනකරුවෙකු විසින් මෙම බහාලුම මෙරටට ගෙන්වා තිබෙනවා.

මෙම උදු තොගය කෙසේ හෝ රේගුවෙන් පිටතට ගියේ නම්; එයින් රටට රුපියල් පනස් එක් ලක්ෂයක බදු ආදායමක් අහිමි වන බවයි රේගුව ගණන් බලා ඇත්තේ.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?