AFC Banner
Empty Ad
Empty Ad

කඩඉම් ලකුණු ඉහළ දැමිම දරුවන්ගේ දක්ෂතා මතයි – අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ඉහළ දැමීම හුදෙක්ම දරුවන්ගේ දක්ෂතා මත පදනම්ව සිදුකළ බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කළා.

පසුගිය වසරේ පැවති ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු පසුගියදා නිකුත් කෙරුණු අතර, එය මෑත කාලයේ නිකුත් වූ ඉහළම කඩඉම් ලකුණු මට්ටමද වනවා.

එමෙන්ම මෙම කඩඉම් ලකුණුවලදී ජනප්‍රිය පාසල් කිහිපයකම මෙවර කඩඉම් ලකුණු පැවතියේද 190 ට වඩා ඉහළ අගයකයි.

මෙවැනි තත්වයක් තුළයි මසක් ඇතුලත විසඳුම් ලබාදෙන බවට අධ්‍යාපන අමත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඊයේ ප්‍රකාශයක් සිදුකළේ.

ලේකම්වරයා එලෙස සඳහන් කළද අධ්‍යාපන අමාත්‍යාංශයේ දත්තවලට අනුව පසුගිය වසර හතර තුළදී ප්‍රධාන පාසල්වලට ඇතුලු කරගත් ළමයින් සංඛ්‍යාවේ විශාල අඩුවැඩිවීම් දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශයේ දත්තවලට අනුව 2020 වසරට සාපේක්ෂව මෙම වසරේ කඩඉම් ලකුණු ඉහළ දැමීමට අමතරව ඇතැම් පාසල්වලට ඇතුලු කරගන්නා ළමයින් සංඛ්‍යාවේද පැහැදිළි අඩුවීමක් දක්නට ලැබෙනවා. මෙලෙස අඩුවීම සිදුව ඇත්තේ කොළඹ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක පමණක් වීමත් සැලකිය යුතු කරුණක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?