කට කතාවල කියන පරිදි අත්‍යාවශ්‍ය ඖෂධවල හිඟයක් නැහැ

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 14ක් සැපයීම සඳහා චීනය විසින් ලබා දී ඇති ඇ.ඩො. මිලියන 28 ක ප්‍රදානය යොදාගෙන ඇති බවත් කටකතාවල සදහන් පරිදි අත්‍යවශ්‍ය ඖෂධ හිගයක් නොමැති බවත්  සෞඛ්‍ය අමාත්‍ය ගරු  කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රට තුළ අතවශ්‍ය ඖෂධ හිඟයක් පැවතීම පිළිබදව පැතිර යන තොරතුරු  සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

තවද, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඉන්දියානු ණය මාර්ගයෙන් ඩොලර් මිලියන 200 ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව අමාත්‍යවරයා පැහැදිලි කළේය. ඊට අමතරව ඉන්දියානු ණය මාර්ගයෙන් ලැබුණු ඩොලර් බිලියන 1 න් ඉතිරි ඩොලර් මිලියන 35 ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය අමාත්‍ය ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම කරුණු අනාවරණය කළේ පසුගියදා (නොවැ. 24) පාර්ලිමේන්තුවේ දී පැවැති සෞඛ්‍ය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49
Video thumbnail
වැල්ලවායේ දැඩි උණුසුම් තත්ත්වයක්..ආණ්ඩුව හොඳයි උගේ අම්මගේ රෙද්ද
00:51
Video thumbnail
පාස්කු මහමොළකරු ගැන පාඨලී කිව්ව දේ..ත්‍ර#තවාදීන් පරාද කරපු අය වෙන නඩුවලින් ඇතුළට දානවද ?
03:11
Video thumbnail
Kasthirama | " බාල ද නැද්ද ? " තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:46
Video thumbnail
මඟ නොහැර අද හවසට අහස බලන්න..ග්‍රහලෝක 6ක්ම අද බලන්න පුළුවන්
02:32
Video thumbnail
"අපේ බඩට ග#න උන්ට හෙ#ම ග#න්න ඕනි"අනවසර වෙළෙඳුන් ඉවත් කිරීමට යාමේ දී දැඩි උණුසුම් තත්ත්වයක්..
04:52
Video thumbnail
හූ හඬ මැද්දෙන් එන මෙන්ඩිස් ක්‍රිකට් ලෝලීන්ව මවිත කළ දසුන..හොඳටම තරහා ගිහින් වගේ ?
00:58
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි.."ලංකාවට ඇවිත් පාරේ වාහන නවත්තලා රඟනවා"
01:12