කටුනායක දී තරුණයෙක් පැහැර ගනී – වැටලීමේ දී රියදුරන් දෙදෙනා අත්අඩංගුවේ

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවයේ නියුතු තරුණයෙක්ට පහරදී සුදු පැහැති වෑන් රථයකින් පැහැර ගැනීමේ සිද්ධියකට දෙදෙනෙකු කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ විශේෂ නිලධාරීන් විසින් ඊයේ (11) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපොළ කුළී රථ රියැදුරන් දෙදෙනෙක් බවයි වාර්තා වුණේ.

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ කර්මාන්තශාලාවක සේවයේ නිරත කුරුණෑගල, මැල්සිරිපුර පදිංචි 22 හැවිරිදි තරුණයෙක්ව ඊයේ (11) උදෑසන කටුනායක, 18 කණුව, වී මෝල පාරේ හුදෙකලා ස්ථානයක දී පහර දී සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගොස් තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පිරිසක් කටුනායක පොලිසියට දැනුම්දීමේ පසු පොලිස් නිලධාරීන් විසින් සිද්ධිය සිදු වූ ස්ථානය අවට ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කර තිබෙනවා.

එහිදී වෑන් රථය පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර, එහි පැමිණි පිරිස නවාතැන් ගෙන සිටින ආඩිඅම්බලම, පීල්ලවත්ත ප්‍රදේශයේ දෙමහල් කුලී නිවස වැටලීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.

එම අවස්ථාවේ පැහැර ගැනීමට ලක් වූ තරුණයා පහර දී කාමරයක බැද දමා සිටියදී හමු වී ඇති අතර, පැහැරගැනීම සිදුකළ සැකකාර රියැදුරුන් දෙදෙනා හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටිය දී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රධාන සැකකරු 33 හැවිරිදි දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, අනෙක් සැකකරු 39 හැවිරිදි හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොවුන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපොළ තුළ කුලී රථ ධාවන කටයුතුවල නිරතව සිටින අතර තුර ප්‍රදේශය පුරා හෙරොයින් බෙදාහැරීමේ ජාවාරමක ද නිරතව සිටි බවයි අනාවරණය වී ඇත්තේ.

මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයේ සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් වැරදීමකින් මෙම තරුණයාට පහර දී පැහැර ගෙන ගොස් තිබූ බවයි සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී පැහැරගැනීම සඳහා භාවිත කළ වෑන් රථය සහ හෙරොයින් මිලිග්‍රෑම් 4,150ක ප්‍රමාණයක් ද ඔවුන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා අද (12) දිනයේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07ක කාලයක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගැනීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36