Empty Ad
AFC Banner
Empty Ad

කටුනායකදී අත්අඩංගුවට ගත් අරගල ක්‍රියාකාරිකයාට ඇප

අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු අරගල ක්‍රියාකාරී රන්දිමාල් ගමගේ ඇප මත නිදහස් කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි අද මෙම නියෝගය ලබාදුන්නේ.

සැකකරු අද අලුයම ඩුබායි සිට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරීවරයෙකු ලෙස සේවය කරන අතර ගාල්ල, කරාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද ඩුබායි සිට පැමිණෙමින් සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ලියකියවිලි පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ මොහුට රටින් පිටවීම තහනම් කරමින් ගුවන් ගමන් තහනමක් පනවා ඇති බවටයි.

එහෙත් ඔහුට රටට ඇතුළු වීමට තහනමක් නොමැති නිසා ඔහු එතැනින් නිදහස් කිරීම සිදු වනවාත් සමගම කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ නිලධාරීන් පිරිසක් පැමිණ සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා ලිඛිත දැන්වීමක් ඉදිරිපත් කර අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පවාහිනී සංස්ථාවට ඇතුළු වී රජයේ දේපළවලට අලාභ හානි සිදු කිරීම යන චෝදනාව යටතේ කුරුඳුවත්ත පොලිසියේ ඉල්ලීම අනුවයි.

සැකකරු වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපළ පොලිසිය ඉදිරිපිට අරගලයේ ක්‍රියාකාරීන් පිරිසක් රැස්ව සිටි අතර ඔවුන් මෙම අත් අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධතාවයක් දැක්වීම ද සිදු කෙරුණා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසටයි.

පැමිණිල්ල නැවත ලබන 09 වනදා කැඳවන ලෙසද නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ඇඟවල් හොඳට තැලිලා තියෙන්නේ - නාමල් සැරටම කරපු කතාව මෙන්න
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ධර්මප්‍රිය විජේසිංහ සහ සජබ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත සහභාගීවන කස්තිරම
01:23:40
Video thumbnail
රනිල් රට කළා නම් මීට වැඩිය හොඳට කරනවා - සරදම් කියන්නේ මේවට තමයි ඉතිං
04:44
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක මෝදි උත්සවයට - ආචාර වෙඩි මුර ගහලා වැඩේ පටන් ගත්ත හැටි
08:36
Video thumbnail
LIVE🔴 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ රාජ්‍ය උත්සවය
21:01
Video thumbnail
දේවාලේ ළඟට ආපු අලි සෙට් එක මෙන්න - මිනිස්සු පිස්සුවෙන් වගේ අලි එළවන්නේ
02:38
Video thumbnail
ඊයේ පත්තු වූ වෙ# තැබීමේ දර්ශන මාධ්‍යට නිකුත් වෙයි
09:16
Video thumbnail
අපි බීලා කාණුවේ වැටිලා හිටියද හලෝ - සමන්ත කරපු ඉල ඇට ඇදෙන කතාව
05:40
Video thumbnail
දෙමළ ෆිල්ම් එකක වගේ බිරිඳව පැහැරගත් හැටි කියන සැමියා
03:11
Video thumbnail
මහ වරුසාවේ පාර කාපට් කරන හැටි - ට්‍රැක්ද මහත්තයෝ
03:34
<p>?</p>